Sunday, July 11, 2010

ජෝ අබේවික්‍රම




උපත - 1933 ජුනි 13

ශ්‍රී ලංකාවේ ලෙලෝ පිටිය ප්‍රදේශය

ගාමිණි පටබැඳිගේ දොන් ජෝන් “ජෝ” අබේවික්‍රම (1933 ජුනි 13 උපත ලදී) ශ්‍රී ලාංකික නළුවෙක් වේ. 1957 වසරෙහි ඔහු රංගනය ආරම්භ කළ අතර විකටාංග නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. නමුත් 1965 වසරේ පටන් ඔහු නාට්‍යාකාර චරිත වලටද පණ පෙවීම ආරම්භ කළේය.

ඔහු සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ. පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ පුරහඳ කළුවර චිත්‍රපටයේ ඔහු රඟ පෑ ශෝකයටපත් පියාගේ චරිතය වෙනුවෙනි.

මුල්කාලීන ජීවිතය

අභය වික්‍රම රත්නපුර ප්‍රදේශයට ආසන්න ලෙලෝපිටිය ප්‍රදේශයේ උපත ලද අතර ගැමි පරිසරයක හැදී වැඩුණු පුද්ගලයෙකි. ඔහු ළමුන් 4 දෙනෙක්ගෙන් වැඩිමලා විය. ඔහුගේ කුඩා කළ වටපිටාව හේතුවෙන් ඔහු තුළ මහන්සි වී වැඩ කිරීම සහ පරිසරය පිළිබඳ ප්‍රසංශාත්මක චින්තනයක් වර්ධනය විය.

අභය වික්‍රම රන්තපුර සීවලි මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටවීම. 1940 වසරේදී ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි වූ අතර සිරිසේන විමළවීරගේ නව ජීවන නම් චිත්‍රාගාරයෙහි සේවය කිරීම ආරම්භ කළේය. ආරම්භක අවධියේදී ඔහු කාර්යාල කටයුතු ඉටුකරන්නෙකු ලෙස ක්‍රියාකල නමුත් අවසානයේදී චිත්‍රාගාරය මගින් රත්නපුර ප්‍රදේශයේදී පටිගත කළ චිත්‍රපට හා සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමිවිය. චිත්‍රාගාරය වෙනුවෙන් සේවය කරන අතරතුර ඔහු චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් හා ඇදුණුම්කම් ඇති කර ගත් අතර චිත්‍රාගාරය හැරයාමේදී දේවසුන්දරී චිත්‍රපටයෙහි චරිතයක් ලබාගැනීමට ඔහු සමත්විය.

No comments:

Post a Comment