
ප්‍රථම සිංහල චිත්‍රපටයවූ කඩවුන පොරොන්දුවේ නළු නිළි යුවල වූ රුක්මණී දේවි හා එඩී ජයමාන්න යන දෙදෙනා ප්‍රථමයෙන් රට තුල ප්‍රසිද්ධිය ලැබගෙන පසුවූහ. ඔවුහු මිණේවා නාට්‍ය කණ්ඩායමේ (Minerva group) සාමාජිකයින් වශයෙන් එක්තරා ප්‍රසිද්ධියක් ලබා සිටියහ. එය චිත්‍රපට වලට අවතීර්න වීමටද සාධක විය. ඔවුහු 1950 සහ 1960 දශක තුල චිත්‍රපට වල රඟපෑමේ නියුතුව සිටියහ.
විජය කුමාරතුංග
1960දී ගාමිණී ෆොන්සේකා ඓතිහාසික චිත්‍රපටයක්වූ සන්දේශය චිත්‍රපටයෙන් ඉදිරියට එන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ආනන්ද ජයරත්න වුවද, ගාමිණී ෆොන්සේකා ඔහුව අභිබවා, ඔහුගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉදිරියට එන ලදී. ෆොන්සේකා ඔහුගේ ඊ ලඟ චිත්‍රපටය වූ රන්මුතු දූවෙන් ප්‍රසිද්ධ නිළි ජීවරාණී කුරුකුලසූරිය සමගින් ඔහුගේ දක්ෂම රඟපෑම ඉදිරිපත් කරන ලදී. ගාමිණී ෆොන්සේකාගේ වෙනත් ප්‍රධාන චිත්‍රපට වූයේ, ධීවරයෝ, අදට වැඩිය හෙට හොඳයි සහ චන්ඩියායි.
1969දී විජය කුමාරතුංග, හන්තානෙ කථාවේ ප්‍රධාන නළුවා ලෙස තරුවක් බවට පත්විය. ඊ ලඟ දශකය තුල , ෆොන්සේකා ලඟට ඉතාමත් ජනප්‍රිය නළුවා වූයේ ඔහුයි. බොලිවුඩ් වානිජ චිත්‍රපටවල ආභාශය ලද චිත්‍රපට වලට අමතරව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ලමයෙක් හා ගඟ අද්දර වැනි කලාත්මක චිත්‍රපට වලද ඔහු රඟපෑවේය. 1989දී ඔහුගේ හදිස්සි මරණය හේතුවෙන් ප්‍රසිද්ධ සිනමාව කෙරෙහි විශාල බලපෑමක් ඇතිවිය.
No comments:
Post a Comment