
ශ්‍රී ලංකා සිනමාවේ ඉතාමත් වැදගත් චිත්‍රපට සාදන්නකුවූ ප්‍රසන්න විතානගේ ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයවූ සිසිල ගිනිගනී 1992දීද, අනන්ත රාත්‍රිය 1995දීද සාදන ලදී. දෙවැන්න ඉතා සාර්ථක එකක් වූ අතර, ජාත්‍යන්තර චිත්‍රපට උත්සව රාශියක ප්‍රදර්ශනය කල හා තිළිණ රාශියක් දිනාගත්තක් විය. අවුරුදු දෙකකට පසු නැවතත් විතානගේ පවුරු වලළු නැමති පැරණි නාට්‍යය, පෙර දීප්තිමත් තාරකාවක් වූ නීටා ප්‍රනාන්දු යොදා සාදන ලදී. මෙම චිත්‍රපටයද විවේචකයන්ගේ ප්‍රසංශාවට භාජනය විය. ඔහුගේ දශකයේ අවසාන චිත්‍රපටයවූ පුර හඳ කළුවර ශ්‍රී ලංකාවේ සොල්දාදුවන්ගේ පවුල් වලට සිවිල් යුද්දය බලපාන්නේ කෙසේදැයි පරීක්ෂණයට ලක් කරන ලදී. ප්‍රධාන භූමිකාව රඟපෑ ජෝ අබේවික්‍රම, භාවනානුයෝගී රඟපෑමක නිරතවූ අතර, චිත්‍රපටය විතානගේගේ විශිෂ්ඨම නිපැයුම ලෙස සලකන ලදී.
No comments:
Post a Comment