Sunday, July 11, 2010

කලාත්මක පිබිදීම (1964 -1970)







ගම්පෙරළිය චිත්‍රපටයේ සාර්ථකත්වය , ශ්‍රී ලංකා චිත්‍රපටවල මාර්ගය විශාල වශයෙන් වෙනස් කරන ලදී. ගම්පෙරළිය ප්‍රදර්ශනයෙන් පසු මෙතෙක් ඉවත දමා තුබූ, සැබෑ බාහිර දර්ශන අඩංගු චිත්‍රපට නිෂ්පාදනයට යුහුසුළු විය.
පරසතු මල් චිත්‍රපටයෙන්..

සෙනවිරත්න නැවතත් , ගැමි දිවිය පිළිබඳවවූ පරසතුමල් නැමති තිර රචනය සමග මතුවිය. මෙවර ඔහුට චිත්‍රා බාලසූරිය නැමති පොහොසත් නිෂ්පාදකයකුගේ සහාය ලැබුනු අතර ඔහු අමරතුංගයන් මෙන් ආර්ථික අපහසුතාවලට නොවැටෙනු ඇත. බාලසූරිය කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳව හොඳ උනන්දුවක් දැක්වූ අතර ඔහුට උවමනා වූයේද ගම්පෙරළිය වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමටය. මෙහිදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස යොදාගෙන, ගාමිනී ෆොන්සේකාට අධ්‍යක්ෂ්ණයේ අවස්ථාවක් දෙන ලදී. ඔහු රේඛාව චිත්‍රපටයේද මෙවැනි තත්වයක සිටින ලදී. කැමරාකරු සුමිත්ත අමරසිංහ වූ අතර, රජයේ චිත්‍රපට ඒකකයේ පුහුණුවලත් ඔහු බාහිර කැමරාකරණය පිළිබඳව පුහුනුවක් ලබා ඇත. චිත්‍රපටය ජනප්‍රිය හා වනු ඇතැයි අදහස් කෙරිනි.

1965දී සෙරන්ඩිබ් නිෂ්පාදකයන් (Serandib Productions) ද කලාත්මක නිෂ්පාදනයට අනුකූලව සාරවිට නැමති චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී. ජෝ අබේවික්‍රම නැමති විකට නළු පළමු වරට ශ්‍රී ලංකා සිනමාවට එකතුවන ලදී. එම වසරේ ජාතික තිළිණයන් බොහෝමයක්ම මෙම චිත්‍රපටය විසින් දිනා ගන්නා ලදී. සන්දේශය චිත්‍රපටයෙන් පසු ටයිටස් තොටවත්තයන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ඉවත්වී චන්ඩියා චිත්‍රපටය එම අවුරුද්දේම අධ්‍යක්ෂණය කළහ.

ජී.ඩී.එල් පෙරේරා ඔහුගේ කලා පෙල සමඟ වෙනමම අංශයකට යොමුවෙමින් සමකාලීන නාගරික වටපිටාවක දහසක් සිතුවිලි නැමති චිත්‍රපටය නවතම කැමරාවකින් හා විශේෂිත පෙරනයන් යොදා පලමු වරට ශ්‍රී ලංකා සිනමාවේදී පටිගත කරන ලදී. පෙරේරා සහ ඔහුගේ කණ්ඩායම ග්‍රාමීය ජීවිතය අලලා සාමා නැමති චිත්‍රපටය නිපදවන ලද අතර එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර 1966දී නිෂ්පාදිත ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විය. මෙය ධීවර වටපිටාවක් පිළිබඳ වූවක් වන අතර දෙනවක හාමිනේ, එඩ්මන්ඩ් විජේසිංහ සහ සිරිල් වික්‍රමගේ යන අය රඟපෑමෙන් එක්වූවා. ගුණසිංහයන්ගේ නවතම සිනමා උපක්‍රම, එනම් ඉතා බහුල ලෙස සමීප රූප යෙදීම විය. තිර රචණයෙන්, අධ්‍යක්ෂණයෙන් ගුණසිංහයන් සමග සිටියේ වසන්ත ඔබේසේකරය. සංස්කරනය හා ඡායා ගත කිරීම කරන ලද්දේ ඩී.බී. නිහාල්සිංහයන් විසිනි.

මේ අවදියේදී නිශ්පාදිත වෙනත් වැදගත් චිත්‍රපට වනුයේ ඔබේසේකරගේ වෙස්ගත්තෝ සහ නිහාල්සිංහයන්ගේ වැලි කතර, නිම්වලල්ල, මහගම සේකරගේ තුන්මන් හන්දිය හා පියසිරි ගුණරත්නයන්ගේ මොකද උනේ සහ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව ආදියයි. හන්තානේ කථාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් විජය කුමාරතුංගයන් හඳුන්වා දෙනු ලැබීය.

No comments:

Post a Comment