
1956 දී වාර්ථාගත චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රාජ්‍ය චිත්‍රපට මණ්ඩලයෙන් ඉවත්වූයේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමේ අරමුනෙණි. මේ අරමුණ සිත් දරාගෙන රේඛාව චිත්‍රපටය නිශ්පාදනය අරඹන ලද්දේ චිත්‍රාගාරවලින් තොර සාමාන්‍ය පරිසරය සහ ඉතා අඩු වියදම් පිරිස් බලයක් යොදා ගනිමිනි. මෙහි එන කථා පුවත ප්‍රධාන වශයෙන්ම, ශ්‍රී ලාංකීය ජන සමාජය හා එ අශ්‍රිත දේ සාකච්ඡාවට බඳුන් කළ අතර එය විශ්ම කර්ම බල අති සේන නැමැති ගැමියෙකු වටා ගෙතී තිබුනි.එය එවකට ශ්‍රී ලංකාවේ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක පිරිසක් නොමැති නිසා ආදායම් අතින් බිඳවටුනු නමුත් අන්තර්ජාතික වශයෙන් ඉමහත් ඇගයීමට ලක්විය. කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළලේ ප්‍රධර්ශනය කිරීම මගින් ඒ බැව් තහවුරු වේ.
රේඛාව චිත්‍රපටය ඉන්දියානු සිනමාවෙන් වැහී තිබු ශ්‍රී ලාංකික සිනමාව වෙනස් කිරීමට අපොහොසත් වුනු නමුදු, ක්ෂේත්‍රයට එන්නට බලා උන් කුඩා කණ්ඩායම් වලට මෙය විශාල අනුබලයක් විය. මෙම කණ්ඩායම් අතර කුරුළු රෑන නිශ්පාදන කණ්ඩායම වන තිරපිටපත් රචක පී.කේ.ඩී. සෙනෙවිරත්න, නිශ්පාදක ජෝන් අමරතුංග හා නිළි පුන්‍යා හීන්දෙනිය කැපී පෙනේ.
රේඛාව චිත්‍රපටයෙන් පිබිදුනු අමරතුංගයන්, සෙනෙවිරත්නගේ කුරුළුබැද්ද ගුවන්විදුලි නාට්‍යය චිත්‍රපටයකට නැගීමට යෝජනා කළේ ය. සුළු සුළු අඩුහුඩුකම් තිබුනද ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විවිධ පැතිකඩවල් ගෙනහැර දැක්වීමට එම චිත්‍රපටය සමත් විය. ප්‍රවීණ නිලි පුන්‍යා හීන්දෙනිය මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක යෙදෙන්නේ පෙර නිළියන්ගෙ තිබූ ඉන්දියානු සම්භවය සම්පූර්ණයෙන්ම බැහැරව සත්‍යවශයෙන්ම ශ්‍රී ලාංකීය ලෙසටය.එය එවකට ශ්‍රී ලංකාවේ අති සාර්ථක වූ අතර එහි වූ ශ්‍රී ලාංකීය බව වඩාත් ඇගයීමට ලක්විය.මෙය මොවුන් විසින්ම මේ හා සමාන සිකුරු තරුව නිශ්පාදනයට හේතු විය
No comments:
Post a Comment