Sunday, July 11, 2010

නූතන යුගය (2000- අද දක්වා)




ලෝකප්‍රසිද්ධ කෑන්ස් චිත්‍රපට උළේලේ (Cannes Film Festival)දී කැමරා ඩ් ඔර් (Caméra d'Or) නැමති ගෞරවනීය සම්මානය දිනාගැනීමට, ප්‍රථම ශ්‍රී ලාංකිකයාවූ විමුක්ති ජයසුන්දරට, සුලඟ එනු පිනිස(2005) නිපයුමෙන් හැකිවිය.

විවාදාත්මක චිත්‍රපට නිපැයුම් කරු අසෝක හඳගමගේ චිත්‍රපටි දැනට රටෙහි පවත්නා වර්ගවාදී ගැටුම් පිළිබඳව යථාර්තවාදී සැබෑ විග්‍රහයක් කෙරෙන ඒවා බව සිනමා කර්මාන්තයට අදාල බොහෝ විද්වතුන්ගේ අදහසවේ. ඔහු චිත්‍රපට පහක් නිර්මානය කර ඇත. සඳ දඩයම, චන්ඩ කින්නරී, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න හා අක්ෂරය මෙම චිත්‍රපටි පහ වේ. මේවා බොහෝ ජාත්‍යන්තර සිනමා උළෙලවල් වලදී තිළිණ ලබාගෙන අත. ඔහු බොහෝ අවස්ථා වල චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ තහන්චි වලට ලක්විය. මෑතකදී ඔහුගේ අක්ෂරය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තහනමට ලක්විය.

මෑත අතීතයේ ප්‍රදර්ශනයවූ සූරිය අරණ, සමනල තටු, හිරිපොද වැස්ස යන චිත්‍රපට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වලට ඇද ගැනීමට සමත්ව ඇත. සූරිය අරණ චිත්‍රපටය, ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්ථා තැබුවේ මිලියන 121ක වාර්ථා අදායමක් ලබමින්ය. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක්, එනම් රුපියල් මිලියන 60ක් වැය කල චිත්‍රපටය වේ. චීනය, ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැක්වීමෙන් පසු එම රටවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව උනන්දුවක් දක්වා ඇත. චීනය විශේෂයෙන්ම මෙය චීන බසට හඬකවා ප්‍රදර්ශනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. අබා 2008 අගෝස්තු 08 දින තිරගත කරන ලදී.

No comments:

Post a Comment