
1977 චන්දයත් සමගින් වඩාත් ධනවාදී පක්ෂයක් බලයට පැමිණි අතර පනවා තුබූ සමහර තහනම් ඉවත් කරන ලදී. සුමිත්‍රා පීරිස්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ, 1978දී ගැහැණු ළමයි සමගින් ඇගේ අධ්‍යක්ෂණ සම්ප්‍රාප්තිය සිදු කළාය. එය ග්‍රාමීය ගැහැණු ළමයකු කෙරෙහි සමාජ බලපෑම් කෙළෙස ඇතිවන්නේද යන්න පෙන්වූ අතර, එය වසරේ හොඳම චිත්‍රපටය බවට පත්විය. වසරේ හොඳම චිත්‍රපටය ලෙස සැලකූ එය ප්‍රසංසාවට හා වාර්තාමය මුදල් ඉපයීමේ තත්වයට පත්වූ අතර, ලන්ඩන් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කෙරීය. එමෙන්ම කාර්තගේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලී (Carthage International Film Festival) දී ජූරියේ තිළිණයටද හිමිකම් කීය. වසන්ති චතුරාණි ඇගේ ප්‍රථම චිත්‍රපටයේම ප්‍රධාන චරිතයෙන් දක්වන රඟපෑම වර්ණනාවට භාජනය විය.
ගඟ අද්දර චිත්‍රපටයෙන්
පීරිස් මහතාගේ ඊ ලඟ චිත්‍රපටය වූයේ 1980 නිෂ්පාදිත ගඟ අද්දර චිත්‍රපටයයි. මෙය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් බැඳගන්නා සුළුවූ, රට තුල වාර්තාගත සියළු ආදායම් අභිබවා ගිය එකක් විය. විවේචකයන්ගේද ප්‍රසංශාවට භාජනයවූ මෙය චිත්‍රපට සඳහා ප්‍රධානය කරනු ලබන ජාතික තිළිණයන් කිහිපයක්ම දිනාගැනීමට සමත්වූ අතර, දකුණු ආසියාතික චිත්‍රපට උළෙලීදී ඩිප්ලෝමා සහතිකයක්ද හිමි විය.
මෙම කාලය තුල පතිරාජ ඉතා ක්‍රියාශීලීව, එයා දැන් ලොකු ලමයෙක් 1977දීද, බඹරැ ඇවිත් 1978දීද, පොන්මනී සහ සොල්දාදු උන්නැහේ 1981දීද අධ්‍යක්ෂණය කරන ලදී. බඹරු ඇවිත් ඔහුගේ ප්‍රධානම කර්තවයවූ අතර, ධීවර සමාජයේ සහ නාගරික තාරුණ්යයේ සමාජීය ආතතිය පිළිබඳව විවරණයක යෙදෙන ලදී. පතිරාජගේ පොන්මනී චිත්‍රපටය දමිල භාශාවෙන් නිෂ්පාදනය වූවකි. දමිල සිනමාව රටතුල වර්ධනය කිරීමේ අදහසින් එම චිත්‍රපටය කරන ලදී. කෙසේ වෙතත් දමිල ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය නොසලකා හැරියේ සිංහල අධ්‍යක්ෂවරයා කෙරෙහි විශ්වාසය නොතැබූ හෙයිනි. සොල්දාදු උන්නැහේ- පැරණි සොල්දාදුවකුගේ, ගණිකාවකගේ, මත් පැන් සොඬකුගේ හා සොරෙකුගේ ජීවිතයන්හි ඉරණම කෙරෙහි ආලෝකයක් පතිත කිරීමට උත්සහා දරා ඇත.
1979දී ඔබේසේකරයන් ඔහුගේ ඉතාමත් අගය කල චිත්‍රපටයවූ පළඟැටියෝ නිර්මාණය කරන ලදී. එය නාගරික තාරුණ්යයේ අපහසුතා ගැන කථා කරන ලදී. ඔහුගේ ඊ ලඟ චිත්‍රපටයවූ 1983දී නිශ්පාදිත දඩයමටද හොඳ ප්‍රතිචාරයක් ලැබිණි. පළඟැටියෝ හි ප්‍රධාන නළු ධර්මසිරි බණ්ඩාරණායකයන් 1980දී ඔහුගේ ඉතාමත් ශෛලී ගත කල හංස විලක් චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයකු ලෙස චිත්‍රපට නිපැයුමට පාතබන ලදී.
No comments:
Post a Comment