Sunday, July 11, 2010

ලංකාවේ මුල්ම සිනමා පටය

සිනමාවෙන් බිඳක්...

ශ්‍රී ලංකීය සිනමාව යනු ශ්‍රී ලංකාවේ නිශ්පාදිත චිත්‍රපට අඩංගු සිනමාවයි. එය ආධුනික ව්‍යාපාරයක් ලෙස 1947 කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පටන්ගත් දා සිට අද දක්වා සිටගැනීමට බලවත් උත්සාහයක් දරන්නකි.ශ්‍රී ලංකීය චිත්‍රපට සාමාන්‍යයෙන් සිංහල භාශාවෙන් නිශ්පාදනය කෙරේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.

පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය්‍ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
බඹරු අවිත් චිත්‍රපටයෙන්

1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, පවිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.

ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විශයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.

සිනමා ඉතිහාසය

1997 දී පහත නම් සඳහන් චිත්‍රපට 10, පසුගිය අවුරුදු 50 තුළ නිපදවා ඇති හොඳම චිත්‍රපට ලෙස රාජ්‍ය කමිටුව විසින් හන්දුනා ගෙන ඇත.


ස්ථානය චිත්‍රපටයේ නම අධ්‍යක්ෂකවරයාගේ නම වර්ශය

1 නිධානය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1972
2 ගම්පෙරලිය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1963
3 විරාගය තිස්ස අබේසේකර 1987
4 බඹරු අවිත් ධර්මසේන පතිරාජ 1978
5 සත් සමුදුර සිරි ගුණසිංහ 1967
6 තුන්මං හංදිය මහගම සේකර 1970
7 පළගැටියෝ වසන්ත ඔබේසේකර 1979
8 දඩයම වසන්ත ඔබේසේකර 1983
9 රේඛාව ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956
10 පරසතුමල් ගාමිණී ෆොන්සේකා 1966
10 වැලිකතර ඩී. බී. නිහාල්සිංහ 1970

මූලික අවස්ථාව (1947 - 1955)




පළමුවරට 1901 දී, ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ හා දෙවන බෝවර් සිරකරුවන් සඳහා පුද්ගලික චිත්‍රපට ප්‍රධර්ශ්නයක් පවත්වා ඇත. එය ලංකාවෙ (එවකට ලංකාව සිලෝන් ලෙස හැඳින්විය.) චිත්‍රපටයක් පෙන්වූ ප්‍රතම වතාව වේ. එය කෙටි චිත්‍රපටයක් වූ අතර, බ්‍රිතාන්‍යන්ගේ බෝවර් යුධ ජයග්‍රහනය, එලිසබෙත් රෑජිණගේ අවමංගල්‍ය උත්සවය හා එඩ්වඩ් VII රාජ්‍ය ප්‍රාප්තියද ප්‍රධර්ශනය විය. අනතුරුව තව තවත් චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර මේවා බ්‍රිතන්‍ය පදිංචි කරුවන් හා ඇංග්ලිකානු සිංහලයින් අතර ප්‍රචලිත විය.

ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉන්ග්‍රීසි ජාතිකයා විසින් වර්දනය කරන ලද බයස්කෝප් ප්‍රදර්ශනය නිසා ය. මේ චිත්‍රපට දර්ශනය කරනු ලබුවේ විවෘත ස්ථානයන්හි වන අතර, අටවාගත් කූඩාරම් තුල ඒවා ප්‍රදර්ශනය කෙරෙන ලදී. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියෙටර් මගින් ගොඩනගන ලදී. මෙම සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර, එය ඉතා සාර්තක විය. මෙනිසා එහි විරුද්දවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළබිනි.

1925 දී රාජකීය වික්‍රමය (English: Royal Adventure) නම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී පලමු වරට නිපදවන ලදී. ආචාර්ය එන්.එම්. පෙරේරා මෙහි ප්‍රධාන චරිතය රඟගෑ අතර, එය ඉන්දියාවේ හ සිංගප්පූරුවේ ප්‍රධර්ශනය කරන ලදී. 1933දී පලිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත විය.

1920 හා 1930 කාලවලදී ඇමරිකානු තරුවන චාලි චප්ලින්, ග්‍රේටා ගාබෝර්, ජෝන් බැරිමෝ, රෑඩොල්ෆ් වැලෙන්ටීනෝ සහ ඩග්ලස් ෆෙයාබෑන්ක්ස්,කණිෂ්ට යන අය ලංකාවේ ජනප්‍රිය තරු වූහ. ෂීක් (The Shiek) හා බැග්ඩෑඩයේ සොරා (The Thief of Bagdad) යන චිත්‍රපට විශේෂයෙන්ම ජනප්‍රිය විය. 1930 වනවිට දී, ඉන්දියානු චිත්‍රපට, ඉන්ග්‍රීසි චිත්‍රපට අභිබවා ජනප්‍රියත්වයට පත්විය. බිල්වා මංගල් නැමැති චිත්‍රපටය ලංකාවේ ආදායම් වාර්ථා තැබීය.

ප්‍රාරම්භය (1947)

කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි සහ බී.ඒ.ඩබ්. ජයමාන්න

දකුණු ඉන්දියානු චිත්‍රපට නිශ්පාදක එස්.එම්. නායගම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය නිශ්පාදනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී. 1945 දී නායගම් විසින් චිත්‍රකලා මූවිටොන්(Chithrakala Movietone) සමාගම ආරම්භ කර, මදුරෙයිහි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්‍රාගාරයක් ගොඩනගන ලදී. බොහෝ විකල්පයන් ගැන විමසා බැලූ නායගම් අවසානයේ දී ඓතිහාසික වටිනාකමකින් යුත්, සාලිය අශෝකමාලා කථා පුවත චිත්‍රපටයකට නැගීමට තීරණය කලේ ය. මෙ සඳහා තිර පිටපතක් සොයාගැනීමට තරඟයක් පැවැත්වූ අතර, ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වශයෙන් එවකට නගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් ය. කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මෙම කටයුත්ත මගදී නැවත්වීමට සිදුවිය. අනතුරුව, බී. ඒ. ඩ්බ්. ජයමාන්නයන් හා එක්ව ඔවුගේ කඩවුණු පොරොන්දුව නිශ්පාදනය කිරීමට එකඟතාවයක් අති කරගන්නා ලදී.

කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපට ගතකිරීමෙ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත්වී, සිලෝන් තියෙටර් සමාගම චිත්‍රපටය ස්ඳහා මුදල් වියදම් කිරීමට එකඟ කර ගන්නා ලදී.මුලසිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය, කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටොර් හිදී තිරගත කිරීම අරඹන ලදී. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21වන දින මයිලන්ඩ් හිදී තිරගත විය. අශොකමාලා චිත්‍රපටය ඉන් මාස 3කට පසු 1947 අප්‍රේල් මාසයේ දී එල්ෆිනිස්ටන් හිදී තිරගත විය.

චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුවද, විවේචකයන් විසින්, ඒවා දකුනු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කෙරිණ.

මූලික අවස්ථාව (1947 - 1955)

කඩවුණු පොරොන්දුවේ සාර්ථකත්වයත් සමඟ, බී.ඒ.ඩ්බ්. ජයමාන්න ඔහුගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට වැලක්ම නිශ්පාදනය කරන ලදී. මේවා, කපටි ආරක්ෂකයා, වැරදුනු කුරුමාණම (1948), හදිසි විනිශ්චය (1950, මෙය ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂනය කරන ලද ප්‍රථම චිත්‍රපටය වේ. ඉන් පසු ඔහු විසින් නිශ්පාදිත සෑම චිත්‍රපටයකම අධ්‍යක්ෂනය ඔහු විසින්ම දරණ ලදී.), සැඟවුනු පිළිතුර (1951), උමතු විශ්වාසය (1952), කැලෑ හඳ (1953), අයිරාංගනී (1954), මතභේදය (1954), දේව විපාකය (1956), වන ලිය (1958), හදිසි විවාහය (1959), කවට අන්දරේ(1960), ජීවිත පූජාව(1961), මංගලිකා(1963) සහ මඟුල් පෝරුව (1967, ජයමාන්නයන්ගේ අභාවය නිසා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු විසින් නිම කරන ලදී).ජයමාන්නයන් දකුණු ඉන්දීය සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර, කලාත්මක චිත්‍රපට සංවර්ධනය සඳහා කිසින්දු දායකත්වයක් නොදරන ලදී. ඔහුගේ චිත්‍රපට බොහොමයකම රුක්මණී දේවී සහ එඩී ජයමාන්න යුගලයේ සහභගීත්වය තිබූ අතර (නමුත් කිසි විටෙකත් ඔවුහු තිරයේ ආදර වන්තයන් නොවූහ.) මෙය ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට තාරකාවන් බවට පත් කරන ලදී.
රුක්මණී දේවි

නිදහසේ උදාවත් සමඟ, ශ්‍රී ලංකාව තුලට හා පිටතට ගමන් කිරීමට තහංචි පැනවීම නිසා, වියදම් අඩුකර ගැනීම සඳහා නායගම්ට ඔහුගේ ව්‍යාපාරය දිවයින තුලට ගෙන ඒමට සිදුවිය. ඔහු කඳාන ප්‍රදේශයේ ඉඩමක් මිලයටගෙන ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය ගොඩනගන ලද අතර (පසුව එය එස්.පී.එම්. චිත්‍රාගාරය ලෙස හඳුන්වනු ලැබිනි.), එය එවකට රටේ වූ දි‍යුණුම චිත්‍රාගාරය විය. ඔහුගේ ප්‍රථම නිශ්පාදනය වූ බණ්ඩා නගරයට පැමණේ (1952), මෙය රට තුළ ප්‍රේක්ෂකයන් අතර සාර්ථක විය. එය ප්‍රථම ස්වදේශීය නිශ්පාදනය වුවද තාක්ෂණය අතින් දකුණු ඉන්දීය තත්වයේම විය. නායගම් ඊළඟට ප්‍රේම තරංගය (1953) හා අභ්‍යන්තර ස්ත්‍රී (1954) නිශ්පාදනය කරන ලදී. චිත්‍රාගාරයේ පහත් මට්ටම අනුව නායගම් උසස් තත්වයේ ආම්පන්න මිලයට නොගන්නා ලදී. එමනිසා මේවා බොලිවුඩයෙන් ගෙන්වූ එවාට සම කළ නොහැකි විය. මෙම චිත්‍රපට වඩාත්ම දකුණු ඉන්දියානු චිත්‍රපට වට්ටෝරුවලට අනුගත වූ ඒවා විය. (ඒවායේ කාර්මිකයන් සියළු දෙනාම ඉන්දියානුවෝ වූහ.)

එවකට නැගී ආ කලාකරුවන් අතර සිරිසේන විමලවීර ප්‍රධාන වශයෙන් කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට බොහොමයක් ඉතිහාසය පදනම් කරගෙන හා අශෝක අධිරාජ්‍යයා, රොබින් හුඩ් වැනි ඓතිහාසික චරිතයන් ආශ්‍රිතව ගොඩනැගී ඇත.

මේ වකවානුවේ තවත් ප්‍රධාන නිශ්පාදකවරයෙක් ලෙස කේ. ගුණරත්නම් හැඳින්විය හකි අතර ඔහුගේ, ඉන්දියාවේ සලෙම්හි 'මොඩන් තියෙටර්' චිත්‍රාගාරයේදී නිශ්පාදිත සුජාත තාක්ෂණිකව දියුණු චිත්‍රපටයක් ලෙස කැපී පෙනුනු නමුදු එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වීමට අපොහොසත් වී අති බැව් පෙනේ.

රේඛාව ආරයට ගොඩ නැගුනු කලාව (1957-1963)




1956 දී වාර්ථාගත චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රාජ්‍ය චිත්‍රපට මණ්ඩලයෙන් ඉවත්වූයේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමේ අරමුනෙණි. මේ අරමුණ සිත් දරාගෙන රේඛාව චිත්‍රපටය නිශ්පාදනය අරඹන ලද්දේ චිත්‍රාගාරවලින් තොර සාමාන්‍ය පරිසරය සහ ඉතා අඩු වියදම් පිරිස් බලයක් යොදා ගනිමිනි. මෙහි එන කථා පුවත ප්‍රධාන වශයෙන්ම, ශ්‍රී ලාංකීය ජන සමාජය හා එ අශ්‍රිත දේ සාකච්ඡාවට බඳුන් කළ අතර එය විශ්ම කර්ම බල අති සේන නැමැති ගැමියෙකු වටා ගෙතී තිබුනි.එය එවකට ශ්‍රී ලංකාවේ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක පිරිසක් නොමැති නිසා ආදායම් අතින් බිඳවටුනු නමුත් අන්තර්ජාතික වශයෙන් ඉමහත් ඇගයීමට ලක්විය. කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළලේ ප්‍රධර්ශනය කිරීම මගින් ඒ බැව් තහවුරු වේ.


රේඛාව චිත්‍රපටය ඉන්දියානු සිනමාවෙන් වැහී තිබු ශ්‍රී ලාංකික සිනමාව වෙනස් කිරීමට අපොහොසත් වුනු නමුදු, ක්ෂේත්‍රයට එන්නට බලා උන් කුඩා කණ්ඩායම් වලට මෙය විශාල අනුබලයක් විය. මෙම කණ්ඩායම් අතර කුරුළු රෑන නිශ්පාදන කණ්ඩායම වන තිරපිටපත් රචක පී.කේ.ඩී. සෙනෙවිරත්න, නිශ්පාදක ජෝන් අමරතුංග හා නිළි පුන්‍යා හීන්දෙනිය කැපී පෙනේ.

රේඛාව චිත්‍රපටයෙන් පිබිදුනු අමරතුංගයන්, සෙනෙවිරත්නගේ කුරුළුබැද්ද ගුවන්විදුලි නාට්‍යය චිත්‍රපටයකට නැගීමට යෝජනා කළේ ය. සුළු සුළු අඩුහුඩුකම් තිබුනද ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විවිධ පැතිකඩවල් ගෙනහැර දැක්වීමට එම චිත්‍රපටය සමත් විය. ප්‍රවීණ නිලි පුන්‍යා හීන්දෙනිය මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක යෙදෙන්නේ පෙර නිළියන්ගෙ තිබූ ඉන්දියානු සම්භවය සම්පූර්ණයෙන්ම බැහැරව සත්‍යවශයෙන්ම ශ්‍රී ලාංකීය ලෙසටය.එය එවකට ශ්‍රී ලංකාවේ අති සාර්ථක වූ අතර එහි වූ ශ්‍රී ලාංකීය බව වඩාත් ඇගයීමට ලක්විය.මෙය මොවුන් විසින්ම මේ හා සමාන සිකුරු තරුව නිශ්පාදනයට හේතු විය

ගම්පෙරලිය (1963)




1963දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතා සමග එකතුව, ජනප්‍රිය නවකථාවක්වූ මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන්, චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර, පොදුවේ චිත්‍රපටවල අඩංගුව තුබූ සිංදු, නැටුම්, විහිළු තහලු සහ සටන් වලින් තොර චිත්‍රපටයක් බවට එය පත් විය. මෙය කලාත්මක එකක් වුවද , වානිජමය සාර්තකත්වයක්ද ලබා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය නවදිල්ලියේදී පැවති තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී රජත මොනර සම්මානය (Golden Peacock Award) හා විචාරකයන්ගේ තිළිණයද (Critics Prize) ලැබිනි.