Sunday, July 11, 2010

මූලික අවස්ථාව (1947 - 1955)




පළමුවරට 1901 දී, ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ හා දෙවන බෝවර් සිරකරුවන් සඳහා පුද්ගලික චිත්‍රපට ප්‍රධර්ශ්නයක් පවත්වා ඇත. එය ලංකාවෙ (එවකට ලංකාව සිලෝන් ලෙස හැඳින්විය.) චිත්‍රපටයක් පෙන්වූ ප්‍රතම වතාව වේ. එය කෙටි චිත්‍රපටයක් වූ අතර, බ්‍රිතාන්‍යන්ගේ බෝවර් යුධ ජයග්‍රහනය, එලිසබෙත් රෑජිණගේ අවමංගල්‍ය උත්සවය හා එඩ්වඩ් VII රාජ්‍ය ප්‍රාප්තියද ප්‍රධර්ශනය විය. අනතුරුව තව තවත් චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර මේවා බ්‍රිතන්‍ය පදිංචි කරුවන් හා ඇංග්ලිකානු සිංහලයින් අතර ප්‍රචලිත විය.

ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉන්ග්‍රීසි ජාතිකයා විසින් වර්දනය කරන ලද බයස්කෝප් ප්‍රදර්ශනය නිසා ය. මේ චිත්‍රපට දර්ශනය කරනු ලබුවේ විවෘත ස්ථානයන්හි වන අතර, අටවාගත් කූඩාරම් තුල ඒවා ප්‍රදර්ශනය කෙරෙන ලදී. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියෙටර් මගින් ගොඩනගන ලදී. මෙම සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර, එය ඉතා සාර්තක විය. මෙනිසා එහි විරුද්දවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළබිනි.

1925 දී රාජකීය වික්‍රමය (English: Royal Adventure) නම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී පලමු වරට නිපදවන ලදී. ආචාර්ය එන්.එම්. පෙරේරා මෙහි ප්‍රධාන චරිතය රඟගෑ අතර, එය ඉන්දියාවේ හ සිංගප්පූරුවේ ප්‍රධර්ශනය කරන ලදී. 1933දී පලිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත විය.

1920 හා 1930 කාලවලදී ඇමරිකානු තරුවන චාලි චප්ලින්, ග්‍රේටා ගාබෝර්, ජෝන් බැරිමෝ, රෑඩොල්ෆ් වැලෙන්ටීනෝ සහ ඩග්ලස් ෆෙයාබෑන්ක්ස්,කණිෂ්ට යන අය ලංකාවේ ජනප්‍රිය තරු වූහ. ෂීක් (The Shiek) හා බැග්ඩෑඩයේ සොරා (The Thief of Bagdad) යන චිත්‍රපට විශේෂයෙන්ම ජනප්‍රිය විය. 1930 වනවිට දී, ඉන්දියානු චිත්‍රපට, ඉන්ග්‍රීසි චිත්‍රපට අභිබවා ජනප්‍රියත්වයට පත්විය. බිල්වා මංගල් නැමැති චිත්‍රපටය ලංකාවේ ආදායම් වාර්ථා තැබීය.

ප්‍රාරම්භය (1947)

කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි සහ බී.ඒ.ඩබ්. ජයමාන්න

දකුණු ඉන්දියානු චිත්‍රපට නිශ්පාදක එස්.එම්. නායගම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය නිශ්පාදනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී. 1945 දී නායගම් විසින් චිත්‍රකලා මූවිටොන්(Chithrakala Movietone) සමාගම ආරම්භ කර, මදුරෙයිහි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්‍රාගාරයක් ගොඩනගන ලදී. බොහෝ විකල්පයන් ගැන විමසා බැලූ නායගම් අවසානයේ දී ඓතිහාසික වටිනාකමකින් යුත්, සාලිය අශෝකමාලා කථා පුවත චිත්‍රපටයකට නැගීමට තීරණය කලේ ය. මෙ සඳහා තිර පිටපතක් සොයාගැනීමට තරඟයක් පැවැත්වූ අතර, ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වශයෙන් එවකට නගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් ය. කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මෙම කටයුත්ත මගදී නැවත්වීමට සිදුවිය. අනතුරුව, බී. ඒ. ඩ්බ්. ජයමාන්නයන් හා එක්ව ඔවුගේ කඩවුණු පොරොන්දුව නිශ්පාදනය කිරීමට එකඟතාවයක් අති කරගන්නා ලදී.

කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපට ගතකිරීමෙ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත්වී, සිලෝන් තියෙටර් සමාගම චිත්‍රපටය ස්ඳහා මුදල් වියදම් කිරීමට එකඟ කර ගන්නා ලදී.මුලසිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය, කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටොර් හිදී තිරගත කිරීම අරඹන ලදී. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21වන දින මයිලන්ඩ් හිදී තිරගත විය. අශොකමාලා චිත්‍රපටය ඉන් මාස 3කට පසු 1947 අප්‍රේල් මාසයේ දී එල්ෆිනිස්ටන් හිදී තිරගත විය.

චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුවද, විවේචකයන් විසින්, ඒවා දකුනු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කෙරිණ.

මූලික අවස්ථාව (1947 - 1955)

කඩවුණු පොරොන්දුවේ සාර්ථකත්වයත් සමඟ, බී.ඒ.ඩ්බ්. ජයමාන්න ඔහුගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට වැලක්ම නිශ්පාදනය කරන ලදී. මේවා, කපටි ආරක්ෂකයා, වැරදුනු කුරුමාණම (1948), හදිසි විනිශ්චය (1950, මෙය ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂනය කරන ලද ප්‍රථම චිත්‍රපටය වේ. ඉන් පසු ඔහු විසින් නිශ්පාදිත සෑම චිත්‍රපටයකම අධ්‍යක්ෂනය ඔහු විසින්ම දරණ ලදී.), සැඟවුනු පිළිතුර (1951), උමතු විශ්වාසය (1952), කැලෑ හඳ (1953), අයිරාංගනී (1954), මතභේදය (1954), දේව විපාකය (1956), වන ලිය (1958), හදිසි විවාහය (1959), කවට අන්දරේ(1960), ජීවිත පූජාව(1961), මංගලිකා(1963) සහ මඟුල් පෝරුව (1967, ජයමාන්නයන්ගේ අභාවය නිසා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු විසින් නිම කරන ලදී).ජයමාන්නයන් දකුණු ඉන්දීය සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර, කලාත්මක චිත්‍රපට සංවර්ධනය සඳහා කිසින්දු දායකත්වයක් නොදරන ලදී. ඔහුගේ චිත්‍රපට බොහොමයකම රුක්මණී දේවී සහ එඩී ජයමාන්න යුගලයේ සහභගීත්වය තිබූ අතර (නමුත් කිසි විටෙකත් ඔවුහු තිරයේ ආදර වන්තයන් නොවූහ.) මෙය ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට තාරකාවන් බවට පත් කරන ලදී.
රුක්මණී දේවි

නිදහසේ උදාවත් සමඟ, ශ්‍රී ලංකාව තුලට හා පිටතට ගමන් කිරීමට තහංචි පැනවීම නිසා, වියදම් අඩුකර ගැනීම සඳහා නායගම්ට ඔහුගේ ව්‍යාපාරය දිවයින තුලට ගෙන ඒමට සිදුවිය. ඔහු කඳාන ප්‍රදේශයේ ඉඩමක් මිලයටගෙන ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය ගොඩනගන ලද අතර (පසුව එය එස්.පී.එම්. චිත්‍රාගාරය ලෙස හඳුන්වනු ලැබිනි.), එය එවකට රටේ වූ දි‍යුණුම චිත්‍රාගාරය විය. ඔහුගේ ප්‍රථම නිශ්පාදනය වූ බණ්ඩා නගරයට පැමණේ (1952), මෙය රට තුළ ප්‍රේක්ෂකයන් අතර සාර්ථක විය. එය ප්‍රථම ස්වදේශීය නිශ්පාදනය වුවද තාක්ෂණය අතින් දකුණු ඉන්දීය තත්වයේම විය. නායගම් ඊළඟට ප්‍රේම තරංගය (1953) හා අභ්‍යන්තර ස්ත්‍රී (1954) නිශ්පාදනය කරන ලදී. චිත්‍රාගාරයේ පහත් මට්ටම අනුව නායගම් උසස් තත්වයේ ආම්පන්න මිලයට නොගන්නා ලදී. එමනිසා මේවා බොලිවුඩයෙන් ගෙන්වූ එවාට සම කළ නොහැකි විය. මෙම චිත්‍රපට වඩාත්ම දකුණු ඉන්දියානු චිත්‍රපට වට්ටෝරුවලට අනුගත වූ ඒවා විය. (ඒවායේ කාර්මිකයන් සියළු දෙනාම ඉන්දියානුවෝ වූහ.)

එවකට නැගී ආ කලාකරුවන් අතර සිරිසේන විමලවීර ප්‍රධාන වශයෙන් කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට බොහොමයක් ඉතිහාසය පදනම් කරගෙන හා අශෝක අධිරාජ්‍යයා, රොබින් හුඩ් වැනි ඓතිහාසික චරිතයන් ආශ්‍රිතව ගොඩනැගී ඇත.

මේ වකවානුවේ තවත් ප්‍රධාන නිශ්පාදකවරයෙක් ලෙස කේ. ගුණරත්නම් හැඳින්විය හකි අතර ඔහුගේ, ඉන්දියාවේ සලෙම්හි 'මොඩන් තියෙටර්' චිත්‍රාගාරයේදී නිශ්පාදිත සුජාත තාක්ෂණිකව දියුණු චිත්‍රපටයක් ලෙස කැපී පෙනුනු නමුදු එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වීමට අපොහොසත් වී අති බැව් පෙනේ.

No comments:

Post a Comment