Thursday, August 5, 2010
Sunday, July 11, 2010
සිනමාවෙන් බිඳක්...
ශ්‍රී ලංකීය සිනමාව යනු ශ්‍රී ලංකාවේ නිශ්පාදිත චිත්‍රපට අඩංගු සිනමාවයි. එය ආධුනික ව්‍යාපාරයක් ලෙස 1947 කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පටන්ගත් දා සිට අද දක්වා සිටගැනීමට බලවත් උත්සාහයක් දරන්නකි.ශ්‍රී ලංකීය චිත්‍රපට සාමාන්‍යයෙන් සිංහල භාශාවෙන් නිශ්පාදනය කෙරේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.
පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.
නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
බඹරු අවිත් චිත්‍රපටයෙන්
1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, පවිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.
ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.
පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්රස්තවාදීන් හා හමුදාව අතර ගටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විශයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.
පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.
නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
බඹරු අවිත් චිත්‍රපටයෙන්
1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, පවිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.
ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.
පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්රස්තවාදීන් හා හමුදාව අතර ගටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විශයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.
සිනමා ඉතිහාසය
1997 දී පහත නම් සඳහන් චිත්‍රපට 10, පසුගිය අවුරුදු 50 තුළ නිපදවා ඇති හොඳම චිත්‍රපට ලෙස රාජ්‍ය කමිටුව විසින් හන්දුනා ගෙන ඇත.
ස්ථානය චිත්‍රපටයේ නම අධ්‍යක්ෂකවරයාගේ නම වර්ශය
1 නිධානය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1972
2 ගම්පෙරලිය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1963
3 විරාගය තිස්ස අබේසේකර 1987
4 බඹරු අවිත් ධර්මසේන පතිරාජ 1978
5 සත් සමුදුර සිරි ගුණසිංහ 1967
6 තුන්මං හංදිය මහගම සේකර 1970
7 පළගැටියෝ වසන්ත ඔබේසේකර 1979
8 දඩයම වසන්ත ඔබේසේකර 1983
9 රේඛාව ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956
10 පරසතුමල් ගාමිණී ෆොන්සේකා 1966
10 වැලිකතර ඩී. බී. නිහාල්සිංහ 1970
ස්ථානය චිත්‍රපටයේ නම අධ්‍යක්ෂකවරයාගේ නම වර්ශය
1 නිධානය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1972
2 ගම්පෙරලිය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1963
3 විරාගය තිස්ස අබේසේකර 1987
4 බඹරු අවිත් ධර්මසේන පතිරාජ 1978
5 සත් සමුදුර සිරි ගුණසිංහ 1967
6 තුන්මං හංදිය මහගම සේකර 1970
7 පළගැටියෝ වසන්ත ඔබේසේකර 1979
8 දඩයම වසන්ත ඔබේසේකර 1983
9 රේඛාව ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956
10 පරසතුමල් ගාමිණී ෆොන්සේකා 1966
10 වැලිකතර ඩී. බී. නිහාල්සිංහ 1970
මූලික අවස්ථාව (1947 - 1955)

පළමුවරට 1901 දී, ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ හා දෙවන බෝවර් සිරකරුවන් සඳහා පුද්ගලික චිත්‍රපට ප්‍රධර්ශ්නයක් පවත්වා ඇත. එය ලංකාවෙ (එවකට ලංකාව සිලෝන් ලෙස හැඳින්විය.) චිත්‍රපටයක් පෙන්වූ ප්‍රතම වතාව වේ. එය කෙටි චිත්‍රපටයක් වූ අතර, බ්‍රිතාන්‍යන්ගේ බෝවර් යුධ ජයග්‍රහනය, එලිසබෙත් රෑජිණගේ අවමංගල්‍ය උත්සවය හා එඩ්වඩ් VII රාජ්‍ය ප්රාප්තියද ප්‍රධර්ශනය විය. අනතුරුව තව තවත් චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර මේවා බ්‍රිතන්‍ය පදිංචි කරුවන් හා ඇංග්ලිකානු සිංහලයින් අතර ප්‍රචලිත විය.
ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉන්ග්‍රීසි ජාතිකයා විසින් වර්දනය කරන ලද බයස්කෝප් ප්‍රදර්ශනය නිසා ය. මේ චිත්‍රපට දර්ශනය කරනු ලබුවේ විවෘත ස්ථානයන්හි වන අතර, අටවාගත් කූඩාරම් තුල ඒවා ප්‍රදර්ශනය කෙරෙන ලදී. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියෙටර් මගින් ගොඩනගන ලදී. මෙම සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර, එය ඉතා සාර්තක විය. මෙනිසා එහි විරුද්දවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළබිනි.
1925 දී රාජකීය වික්‍රමය (English: Royal Adventure) නම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී පලමු වරට නිපදවන ලදී. ආචාර්ය එන්.එම්. පෙරේරා මෙහි ප්‍රධාන චරිතය රඟගෑ අතර, එය ඉන්දියාවේ හ සිංගප්පූරුවේ ප්‍රධර්ශනය කරන ලදී. 1933දී පලිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත විය.
1920 හා 1930 කාලවලදී ඇමරිකානු තරුවන චාලි චප්ලින්, ග්‍රේටා ගාබෝර්, ජෝන් බැරිමෝ, රෑඩොල්ෆ් වැලෙන්ටීනෝ සහ ඩග්ලස් ෆෙයාබෑන්ක්ස්,කණිෂ්ට යන අය ලංකාවේ ජනප්‍රිය තරු වූහ. ෂීක් (The Shiek) හා බැග්ඩෑඩයේ සොරා (The Thief of Bagdad) යන චිත්‍රපට විශේෂයෙන්ම ජනප්‍රිය විය. 1930 වනවිට දී, ඉන්දියානු චිත්‍රපට, ඉන්ග්‍රීසි චිත්‍රපට අභිබවා ජනප්‍රියත්වයට පත්විය. බිල්වා මංගල් නැමැති චිත්‍රපටය ලංකාවේ ආදායම් වාර්ථා තැබීය.
ප්‍රාරම්භය (1947)
කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි සහ බී.ඒ.ඩබ්. ජයමාන්න
දකුණු ඉන්දියානු චිත්‍රපට නිශ්පාදක එස්.එම්. නායගම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය නිශ්පාදනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී. 1945 දී නායගම් විසින් චිත්රකලා මූවිටොන්(Chithrakala Movietone) සමාගම ආරම්භ කර, මදුරෙයිහි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්රාගාරයක් ගොඩනගන ලදී. බොහෝ විකල්පයන් ගැන විමසා බැලූ නායගම් අවසානයේ දී ඓතිහාසික වටිනාකමකින් යුත්, සාලිය අශෝකමාලා කථා පුවත චිත්‍රපටයකට නැගීමට තීරණය කලේ ය. මෙ සඳහා තිර පිටපතක් සොයාගැනීමට තරඟයක් පැවැත්වූ අතර, ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වශයෙන් එවකට නගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් ය. කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මෙම කටයුත්ත මගදී නැවත්වීමට සිදුවිය. අනතුරුව, බී. ඒ. ඩ්බ්. ජයමාන්නයන් හා එක්ව ඔවුගේ කඩවුණු පොරොන්දුව නිශ්පාදනය කිරීමට එකඟතාවයක් අති කරගන්නා ලදී.
කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපට ගතකිරීමෙ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත්වී, සිලෝන් තියෙටර් සමාගම චිත්‍රපටය ස්ඳහා මුදල් වියදම් කිරීමට එකඟ කර ගන්නා ලදී.මුලසිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය, කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටොර් හිදී තිරගත කිරීම අරඹන ලදී. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21වන දින මයිලන්ඩ් හිදී තිරගත විය. අශොකමාලා චිත්‍රපටය ඉන් මාස 3කට පසු 1947 අප්‍රේල් මාසයේ දී එල්ෆිනිස්ටන් හිදී තිරගත විය.
චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුවද, විවේචකයන් විසින්, ඒවා දකුනු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කෙරිණ.
මූලික අවස්ථාව (1947 - 1955)
කඩවුණු පොරොන්දුවේ සාර්ථකත්වයත් සමඟ, බී.ඒ.ඩ්බ්. ජයමාන්න ඔහුගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට වැලක්ම නිශ්පාදනය කරන ලදී. මේවා, කපටි ආරක්ෂකයා, වැරදුනු කුරුමාණම (1948), හදිසි විනිශ්චය (1950, මෙය ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂනය කරන ලද ප්‍රථම චිත්‍රපටය වේ. ඉන් පසු ඔහු විසින් නිශ්පාදිත සෑම චිත්‍රපටයකම අධ්‍යක්ෂනය ඔහු විසින්ම දරණ ලදී.), සැඟවුනු පිළිතුර (1951), උමතු විශ්වාසය (1952), කැලෑ හඳ (1953), අයිරාංගනී (1954), මතභේදය (1954), දේව විපාකය (1956), වන ලිය (1958), හදිසි විවාහය (1959), කවට අන්දරේ(1960), ජීවිත පූජාව(1961), මංගලිකා(1963) සහ මඟුල් පෝරුව (1967, ජයමාන්නයන්ගේ අභාවය නිසා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු විසින් නිම කරන ලදී).ජයමාන්නයන් දකුණු ඉන්දීය සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර, කලාත්මක චිත්‍රපට සංවර්ධනය සඳහා කිසින්දු දායකත්වයක් නොදරන ලදී. ඔහුගේ චිත්‍රපට බොහොමයකම රුක්මණී දේවී සහ එඩී ජයමාන්න යුගලයේ සහභගීත්වය තිබූ අතර (නමුත් කිසි විටෙකත් ඔවුහු තිරයේ ආදර වන්තයන් නොවූහ.) මෙය ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට තාරකාවන් බවට පත් කරන ලදී.
රුක්මණී දේවි
නිදහසේ උදාවත් සමඟ, ශ්‍රී ලංකාව තුලට හා පිටතට ගමන් කිරීමට තහංචි පැනවීම නිසා, වියදම් අඩුකර ගැනීම සඳහා නායගම්ට ඔහුගේ ව්‍යාපාරය දිවයින තුලට ගෙන ඒමට සිදුවිය. ඔහු කඳාන ප්‍රදේශයේ ඉඩමක් මිලයටගෙන ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය ගොඩනගන ලද අතර (පසුව එය එස්.පී.එම්. චිත්‍රාගාරය ලෙස හඳුන්වනු ලැබිනි.), එය එවකට රටේ වූ දියුණුම චිත්‍රාගාරය විය. ඔහුගේ ප්‍රථම නිශ්පාදනය වූ බණ්ඩා නගරයට පැමණේ (1952), මෙය රට තුළ ප්‍රේක්ෂකයන් අතර සාර්ථක විය. එය ප්‍රථම ස්වදේශීය නිශ්පාදනය වුවද තාක්ෂණය අතින් දකුණු ඉන්දීය තත්වයේම විය. නායගම් ඊළඟට ප්‍රේම තරංගය (1953) හා අභ්‍යන්තර ස්ත්‍රී (1954) නිශ්පාදනය කරන ලදී. චිත්‍රාගාරයේ පහත් මට්ටම අනුව නායගම් උසස් තත්වයේ ආම්පන්න මිලයට නොගන්නා ලදී. එමනිසා මේවා බොලිවුඩයෙන් ගෙන්වූ එවාට සම කළ නොහැකි විය. මෙම චිත්‍රපට වඩාත්ම දකුණු ඉන්දියානු චිත්‍රපට වට්ටෝරුවලට අනුගත වූ ඒවා විය. (ඒවායේ කාර්මිකයන් සියළු දෙනාම ඉන්දියානුවෝ වූහ.)
එවකට නැගී ආ කලාකරුවන් අතර සිරිසේන විමලවීර ප්‍රධාන වශයෙන් කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට බොහොමයක් ඉතිහාසය පදනම් කරගෙන හා අශෝක අධිරාජ්‍යයා, රොබින් හුඩ් වැනි ඓතිහාසික චරිතයන් ආශ්‍රිතව ගොඩනැගී ඇත.
මේ වකවානුවේ තවත් ප්‍රධාන නිශ්පාදකවරයෙක් ලෙස කේ. ගුණරත්නම් හැඳින්විය හකි අතර ඔහුගේ, ඉන්දියාවේ සලෙම්හි 'මොඩන් තියෙටර්' චිත්‍රාගාරයේදී නිශ්පාදිත සුජාත තාක්ෂණිකව දියුණු චිත්‍රපටයක් ලෙස කැපී පෙනුනු නමුදු එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වීමට අපොහොසත් වී අති බැව් පෙනේ.
රේඛාව ආරයට ගොඩ නැගුනු කලාව (1957-1963)

1956 දී වාර්ථාගත චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රාජ්‍ය චිත්‍රපට මණ්ඩලයෙන් ඉවත්වූයේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමේ අරමුනෙණි. මේ අරමුණ සිත් දරාගෙන රේඛාව චිත්‍රපටය නිශ්පාදනය අරඹන ලද්දේ චිත්රාගාරවලින් තොර සාමාන්‍ය පරිසරය සහ ඉතා අඩු වියදම් පිරිස් බලයක් යොදා ගනිමිනි. මෙහි එන කථා පුවත ප්‍රධාන වශයෙන්ම, ශ්‍රී ලාංකීය ජන සමාජය හා එ අශ්‍රිත දේ සාකච්ඡාවට බඳුන් කළ අතර එය විශ්ම කර්ම බල අති සේන නැමැති ගැමියෙකු වටා ගෙතී තිබුනි.එය එවකට ශ්‍රී ලංකාවේ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක පිරිසක් නොමැති නිසා ආදායම් අතින් බිඳවටුනු නමුත් අන්තර්ජාතික වශයෙන් ඉමහත් ඇගයීමට ලක්විය. කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළලේ ප්‍රධර්ශනය කිරීම මගින් ඒ බැව් තහවුරු වේ.
රේඛාව චිත්‍රපටය ඉන්දියානු සිනමාවෙන් වැහී තිබු ශ්‍රී ලාංකික සිනමාව වෙනස් කිරීමට අපොහොසත් වුනු නමුදු, ක්ෂේත්රයට එන්නට බලා උන් කුඩා කණ්ඩායම් වලට මෙය විශාල අනුබලයක් විය. මෙම කණ්ඩායම් අතර කුරුළු රෑන නිශ්පාදන කණ්ඩායම වන තිරපිටපත් රචක පී.කේ.ඩී. සෙනෙවිරත්න, නිශ්පාදක ජෝන් අමරතුංග හා නිළි පුන්‍යා හීන්දෙනිය කැපී පෙනේ.
රේඛාව චිත්‍රපටයෙන් පිබිදුනු අමරතුංගයන්, සෙනෙවිරත්නගේ කුරුළුබැද්ද ගුවන්විදුලි නාට්‍යය චිත්‍රපටයකට නැගීමට යෝජනා කළේ ය. සුළු සුළු අඩුහුඩුකම් තිබුනද ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විවිධ පැතිකඩවල් ගෙනහැර දැක්වීමට එම චිත්‍රපටය සමත් විය. ප්‍රවීණ නිලි පුන්‍යා හීන්දෙනිය මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක යෙදෙන්නේ පෙර නිළියන්ගෙ තිබූ ඉන්දියානු සම්භවය සම්පූර්ණයෙන්ම බැහැරව සත්‍යවශයෙන්ම ශ්‍රී ලාංකීය ලෙසටය.එය එවකට ශ්‍රී ලංකාවේ අති සාර්ථක වූ අතර එහි වූ ශ්‍රී ලාංකීය බව වඩාත් ඇගයීමට ලක්විය.මෙය මොවුන් විසින්ම මේ හා සමාන සිකුරු තරුව නිශ්පාදනයට හේතු විය
ගම්පෙරලිය (1963)

1963දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතා සමග එකතුව, ජනප්‍රිය නවකථාවක්වූ මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන්, චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර, පොදුවේ චිත්‍රපටවල අඩංගුව තුබූ සිංදු, නැටුම්, විහිළු තහලු සහ සටන් වලින් තොර චිත්‍රපටයක් බවට එය පත් විය. මෙය කලාත්මක එකක් වුවද , වානිජමය සාර්තකත්වයක්ද ලබා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය නවදිල්ලියේදී පැවති තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී රජත මොනර සම්මානය (Golden Peacock Award) හා විචාරකයන්ගේ තිළිණයද (Critics Prize) ලැබිනි.
කලාත්මක පිබිදීම (1964 -1970)




ගම්පෙරළිය චිත්‍රපටයේ සාර්ථකත්වය , ශ්‍රී ලංකා චිත්‍රපටවල මාර්ගය විශාල වශයෙන් වෙනස් කරන ලදී. ගම්පෙරළිය ප්‍රදර්ශනයෙන් පසු මෙතෙක් ඉවත දමා තුබූ, සැබෑ බාහිර දර්ශන අඩංගු චිත්‍රපට නිෂ්පාදනයට යුහුසුළු විය.
පරසතු මල් චිත්‍රපටයෙන්..
සෙනවිරත්න නැවතත් , ගැමි දිවිය පිළිබඳවවූ පරසතුමල් නැමති තිර රචනය සමග මතුවිය. මෙවර ඔහුට චිත්‍රා බාලසූරිය නැමති පොහොසත් නිෂ්පාදකයකුගේ සහාය ලැබුනු අතර ඔහු අමරතුංගයන් මෙන් ආර්ථික අපහසුතාවලට නොවැටෙනු ඇත. බාලසූරිය කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳව හොඳ උනන්දුවක් දැක්වූ අතර ඔහුට උවමනා වූයේද ගම්පෙරළිය වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමටය. මෙහිදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස යොදාගෙන, ගාමිනී ෆොන්සේකාට අධ්‍යක්ෂ්ණයේ අවස්ථාවක් දෙන ලදී. ඔහු රේඛාව චිත්‍රපටයේද මෙවැනි තත්වයක සිටින ලදී. කැමරාකරු සුමිත්ත අමරසිංහ වූ අතර, රජයේ චිත්‍රපට ඒකකයේ පුහුණුවලත් ඔහු බාහිර කැමරාකරණය පිළිබඳව පුහුනුවක් ලබා ඇත. චිත්‍රපටය ජනප්‍රිය හා වනු ඇතැයි අදහස් කෙරිනි.
1965දී සෙරන්ඩිබ් නිෂ්පාදකයන් (Serandib Productions) ද කලාත්මක නිෂ්පාදනයට අනුකූලව සාරවිට නැමති චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී. ජෝ අබේවික්‍රම නැමති විකට නළු පළමු වරට ශ්‍රී ලංකා සිනමාවට එකතුවන ලදී. එම වසරේ ජාතික තිළිණයන් බොහෝමයක්ම මෙම චිත්‍රපටය විසින් දිනා ගන්නා ලදී. සන්දේශය චිත්‍රපටයෙන් පසු ටයිටස් තොටවත්තයන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ඉවත්වී චන්ඩියා චිත්‍රපටය එම අවුරුද්දේම අධ්‍යක්ෂණය කළහ.
ජී.ඩී.එල් පෙරේරා ඔහුගේ කලා පෙල සමඟ වෙනමම අංශයකට යොමුවෙමින් සමකාලීන නාගරික වටපිටාවක දහසක් සිතුවිලි නැමති චිත්‍රපටය නවතම කැමරාවකින් හා විශේෂිත පෙරනයන් යොදා පලමු වරට ශ්‍රී ලංකා සිනමාවේදී පටිගත කරන ලදී. පෙරේරා සහ ඔහුගේ කණ්ඩායම ග්‍රාමීය ජීවිතය අලලා සාමා නැමති චිත්‍රපටය නිපදවන ලද අතර එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.
සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර 1966දී නිෂ්පාදිත ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විය. මෙය ධීවර වටපිටාවක් පිළිබඳ වූවක් වන අතර දෙනවක හාමිනේ, එඩ්මන්ඩ් විජේසිංහ සහ සිරිල් වික්‍රමගේ යන අය රඟපෑමෙන් එක්වූවා. ගුණසිංහයන්ගේ නවතම සිනමා උපක්‍රම, එනම් ඉතා බහුල ලෙස සමීප රූප යෙදීම විය. තිර රචණයෙන්, අධ්‍යක්ෂණයෙන් ගුණසිංහයන් සමග සිටියේ වසන්ත ඔබේසේකරය. සංස්කරනය හා ඡායා ගත කිරීම කරන ලද්දේ ඩී.බී. නිහාල්සිංහයන් විසිනි.
මේ අවදියේදී නිශ්පාදිත වෙනත් වැදගත් චිත්‍රපට වනුයේ ඔබේසේකරගේ වෙස්ගත්තෝ සහ නිහාල්සිංහයන්ගේ වැලි කතර, නිම්වලල්ල, මහගම සේකරගේ තුන්මන් හන්දිය හා පියසිරි ගුණරත්නයන්ගේ මොකද උනේ සහ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව ආදියයි. හන්තානේ කථාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් විජය කුමාරතුංගයන් හඳුන්වා දෙනු ලැබීය.
පමාවු සංවර්ධනය (1971-1976)

1971දී සමාජවාදී රජයක් රටෙහි බලයට පත්වන ලදී. චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යම්කිසි පාලනයක් ඇතිකිරීමට ඔවුන් උත්සුකවු අතර චිත්‍රපටයක් නිශ්පාදනයට පෙර මූලික අවශ්‍යතා සමහරක් සම්පූර්ණ කල යුතුව තිබින. මේ සමයේදී, නිදහස්වු දක්ෂතාවන් පිළිබිඹු කරමින් ඉදිරියට ආ සිනමාව, බාල වානිජ චිත්‍රපට ගලා ඒමනිසා ඉවතට විසිවී ගියහ. මෙය ඇතිවූයේ අලුතින් ඇතිකරන ලද රජයේ ණය දීමනා නිසාවෙනි.
ටයිටස් තොටවත්තයන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන දෙදෙනා කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රධාන තැන ගන්නා ලදී. තොටවත්ත, හාර ලක්ෂය, සිහසුන, සාගරිකා සහ මංගල යන චිත්‍රපට නිපදවා තාක්ෂණ දක්ෂතා තත්ව සමග සම්මිශ්‍රණය කර ප්‍රධාන ප්‍රෙක්ෂක ආකර්ෂණය ඩැහැගත් අතර, රජයේ යම්යම් තහනම් තිබුනද, ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ ඉතාම වැදගත් කෘතීන් මෙම අවදියේදී නිපදවීමෙන් වඩාත් සාර්තක විය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1972 දී නිශ්පාදිත නිධානය චිත්‍රපටය අවුරුදු 50ක් ඇතුලත නිපදවූ විශිෂ්ඨම චිත්‍රපටය ලෙස රජයේ මණ්ඩලයක් විසින් තීරණය කරන ලදී. එහි ගාමිනී ගේ සහ මාලිනී ගේ රඟපෑම් අති දක්ෂවූ අතර, පීරිස් ගේ අධ්‍යක්ෂණයද අති දක්ෂ විය. පීරිස්ට එය ජාත්‍යන්තර සාර්තකත්වයක්වූ අතර, වැනීසියේදී පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී සිල්වර් ල්යන් ඔෆ් සෙන්ට් මාර්ක් තිළිණය (Silver Lion of St.Mark Award) දිනාගැනීමට හැකිවූ අතර එම අවුරුද්දෙදී කැපීපෙනෙන චිත්‍රපටය බවටද පත්විය. ලන්ඩන් චිත්‍රපට උළෙලීදී ඩිප්ලෝමා සහතිකයක් ලද අතර ඔහුගේ මේ සමයේ පසු නිශ්පාදන ඉතා සාර්තක විය.(දෑස නිසා සහ මඩොල් දූව )
යාපාගේ හන්තානේ කථාවෙහි වැඩ කළ ධර්මසේන පතිරාජ, ඔහුගේම අධ්‍යක්ෂණයක්වූ අහස් ගව්ව සමගින් 1974දී මතුවිය. එයට නාගරික තාරුන්‍යයේ ජීවය අල්ලා ගැනීමට හැකිවූ අතර, සිරිල් වික්‍රමගේ වැනි නළුවනට වඩා හොඳ කළාත්මක කෘති වලට සම්බන්ධවීමේ හා දියුණුවීමේ අවස්ථාව ලැබින. ඔබේසේකරද සමානවූ තේමාවක් ඔහුගේ කෘතියන්හීදී අනුගමනය කරන ලදී.( වල්මත්වූවන් )
යලි මතුවීම (1977-1983)

1977 චන්දයත් සමගින් වඩාත් ධනවාදී පක්ෂයක් බලයට පැමිණි අතර පනවා තුබූ සමහර තහනම් ඉවත් කරන ලදී. සුමිත්‍රා පීරිස්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ, 1978දී ගැහැණු ළමයි සමගින් ඇගේ අධ්යක්ෂණ සම්ප්‍රාප්තිය සිදු කළාය. එය ග්‍රාමීය ගැහැණු ළමයකු කෙරෙහි සමාජ බලපෑම් කෙළෙස ඇතිවන්නේද යන්න පෙන්වූ අතර, එය වසරේ හොඳම චිත්‍රපටය බවට පත්විය. වසරේ හොඳම චිත්‍රපටය ලෙස සැලකූ එය ප්‍රසංසාවට හා වාර්තාමය මුදල් ඉපයීමේ තත්වයට පත්වූ අතර, ලන්ඩන් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කෙරීය. එමෙන්ම කාර්තගේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලී (Carthage International Film Festival) දී ජූරියේ තිළිණයටද හිමිකම් කීය. වසන්ති චතුරාණි ඇගේ ප්‍රථම චිත්‍රපටයේම ප්‍රධාන චරිතයෙන් දක්වන රඟපෑම වර්ණනාවට භාජනය විය.
ගඟ අද්දර චිත්‍රපටයෙන්
පීරිස් මහතාගේ ඊ ලඟ චිත්‍රපටය වූයේ 1980 නිෂ්පාදිත ගඟ අද්දර චිත්‍රපටයයි. මෙය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් බැඳගන්නා සුළුවූ, රට තුල වාර්තාගත සියළු ආදායම් අභිබවා ගිය එකක් විය. විවේචකයන්ගේද ප්රසංශාවට භාජනයවූ මෙය චිත්‍රපට සඳහා ප්‍රධානය කරනු ලබන ජාතික තිළිණයන් කිහිපයක්ම දිනාගැනීමට සමත්වූ අතර, දකුණු ආසියාතික චිත්‍රපට උළෙලීදී ඩිප්ලෝමා සහතිකයක්ද හිමි විය.
මෙම කාලය තුල පතිරාජ ඉතා ක්‍රියාශීලීව, එයා දැන් ලොකු ලමයෙක් 1977දීද, බඹරැ ඇවිත් 1978දීද, පොන්මනී සහ සොල්දාදු උන්නැහේ 1981දීද අධ්‍යක්ෂණය කරන ලදී. බඹරු ඇවිත් ඔහුගේ ප්‍රධානම කර්තවයවූ අතර, ධීවර සමාජයේ සහ නාගරික තාරුණ්‍යයේ සමාජීය ආතතිය පිළිබඳව විවරණයක යෙදෙන ලදී. පතිරාජගේ පොන්මනී චිත්‍රපටය දමිල භාශාවෙන් නිෂ්පාදනය වූවකි. දමිල සිනමාව රටතුල වර්ධනය කිරීමේ අදහසින් එම චිත්‍රපටය කරන ලදී. කෙසේ වෙතත් දමිල ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය නොසලකා හැරියේ සිංහල අධ්යක්ෂවරයා කෙරෙහි විශ්වාසය නොතැබූ හෙයිනි. සොල්දාදු උන්නැහේ- පැරණි සොල්දාදුවකුගේ, ගණිකාවකගේ, මත් පැන් සොඬකුගේ හා සොරෙකුගේ ජීවිතයන්හි ඉරණම කෙරෙහි ආලෝකයක් පතිත කිරීමට උත්සහා දරා ඇත.
1979දී ඔබේසේකරයන් ඔහුගේ ඉතාමත් අගය කල චිත්‍රපටයවූ පළඟැටියෝ නිර්මාණය කරන ලදී. එය නාගරික තාරුණ්‍යයේ අපහසුතා ගැන කථා කරන ලදී. ඔහුගේ ඊ ලඟ චිත්‍රපටයවූ 1983දී නිශ්පාදිත දඩයමටද හොඳ ප්‍රතිචාරයක් ලැබිණි. පළඟැටියෝ හි ප්‍රධාන නළු ධර්මසිරි බණ්ඩාරණායකයන් 1980දී ඔහුගේ ඉතාමත් ශෛලී ගත කල හංස විලක් චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයකු ලෙස චිත්‍රපට නිපැයුමට පාතබන ලදී.
පිරිහීම ( 1983-1990 )
රූපවාහිණියේ නැගීමත්, සිවිල් යුද්ධයේ පටන් ගැන්මත් සමග, චිත්‍රපට ආදායම අඩුවීමට පටන්ගත් අතර ශ්‍රී ලංකා වාසීන් සිනමා ශාලා වලට යාම අතහැර නිවෙස් වල නතර වීමට පුරුදු වූහ.
මෙම අවදියේ ඉතාමත් වැදගත් චිත්‍රපට වූයේ, සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, තිස්ස අබේසේකරගේ විරාගය (1988) සහ ඩී.බී. නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය (1983), මල්දෙනියේ සිමියොන් (1986) සහ කෙළි මඬළ (1991) වේ. නිහාල්සිංහ ඔහුගේ චිත්‍රපට වලට අතිදක්ෂ තාක්ෂණ අධ්යක්ෂණයන් කවන ලදී.
මෙම අවදියේ ඉතාමත් වැදගත් චිත්‍රපට වූයේ, සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, තිස්ස අබේසේකරගේ විරාගය (1988) සහ ඩී.බී. නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය (1983), මල්දෙනියේ සිමියොන් (1986) සහ කෙළි මඬළ (1991) වේ. නිහාල්සිංහ ඔහුගේ චිත්‍රපට වලට අතිදක්ෂ තාක්ෂණ අධ්යක්ෂණයන් කවන ලදී.
ස්වාදීන චිත්‍රපට සාදන්නන්ගේ නැගිටීම (1990-2000)

ශ්‍රී ලංකා සිනමාවේ ඉතාමත් වැදගත් චිත්‍රපට සාදන්නකුවූ ප්‍රසන්න විතානගේ ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයවූ සිසිල ගිනිගනී 1992දීද, අනන්ත රාත්‍රිය 1995දීද සාදන ලදී. දෙවැන්න ඉතා සාර්ථක එකක් වූ අතර, ජාත්‍යන්තර චිත්‍රපට උත්සව රාශියක ප්‍රදර්ශනය කල හා තිළිණ රාශියක් දිනාගත්තක් විය. අවුරුදු දෙකකට පසු නැවතත් විතානගේ පවුරු වලළු නැමති පැරණි නාට්‍යය, පෙර දීප්තිමත් තාරකාවක් වූ නීටා ප්‍රනාන්දු යොදා සාදන ලදී. මෙම චිත්‍රපටයද විවේචකයන්ගේ ප්රසංශාවට භාජනය විය. ඔහුගේ දශකයේ අවසාන චිත්‍රපටයවූ පුර හඳ කළුවර ශ්‍රී ලංකාවේ සොල්දාදුවන්ගේ පවුල් වලට සිවිල් යුද්දය බලපාන්නේ කෙසේදැයි පරීක්ෂණයට ලක් කරන ලදී. ප්‍රධාන භූමිකාව රඟපෑ ජෝ අබේවික්‍රම, භාවනානුයෝගී රඟපෑමක නිරතවූ අතර, චිත්‍රපටය විතානගේගේ විශිෂ්ඨම නිපැයුම ලෙස සලකන ලදී.
නූතන යුගය (2000- අද දක්වා)

ලෝකප්‍රසිද්ධ කෑන්ස් චිත්‍රපට උළේලේ (Cannes Film Festival)දී කැමරා ඩ් ඔර් (Caméra d'Or) නැමති ගෞරවනීය සම්මානය දිනාගැනීමට, ප්‍රථම ශ්‍රී ලාංකිකයාවූ විමුක්ති ජයසුන්දරට, සුලඟ එනු පිනිස(2005) නිපයුමෙන් හැකිවිය.
විවාදාත්මක චිත්‍රපට නිපැයුම් කරු අසෝක හඳගමගේ චිත්‍රපටි දැනට රටෙහි පවත්නා වර්ගවාදී ගැටුම් පිළිබඳව යථාර්තවාදී සැබෑ විග්‍රහයක් කෙරෙන ඒවා බව සිනමා කර්මාන්තයට අදාල බොහෝ විද්වතුන්ගේ අදහසවේ. ඔහු චිත්‍රපට පහක් නිර්මානය කර ඇත. සඳ දඩයම, චන්ඩ කින්නරී, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න හා අක්ෂරය මෙම චිත්‍රපටි පහ වේ. මේවා බොහෝ ජාත්‍යන්තර සිනමා උළෙලවල් වලදී තිළිණ ලබාගෙන අත. ඔහු බොහෝ අවස්ථා වල චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ තහන්චි වලට ලක්විය. මෑතකදී ඔහුගේ අක්ෂරය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තහනමට ලක්විය.
මෑත අතීතයේ ප්‍රදර්ශනයවූ සූරිය අරණ, සමනල තටු, හිරිපොද වැස්ස යන චිත්‍රපට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වලට ඇද ගැනීමට සමත්ව ඇත. සූරිය අරණ චිත්‍රපටය, ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්ථා තැබුවේ මිලියන 121ක වාර්ථා අදායමක් ලබමින්ය. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක්, එනම් රුපියල් මිලියන 60ක් වැය කල චිත්‍රපටය වේ. චීනය, ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙම චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය දැක්වීමෙන් පසු එම රටවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව උනන්දුවක් දක්වා ඇත. චීනය විශේෂයෙන්ම මෙය චීන බසට හඬකවා ප්‍රදර්ශනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. අබා 2008 අගෝස්තු 08 දින තිරගත කරන ලදී.
පෙරමුනේ සිටින නළුවන් හා නිළියන්

ප්‍රථම සිංහල චිත්‍රපටයවූ කඩවුන පොරොන්දුවේ නළු නිළි යුවල වූ රුක්මණී දේවි හා එඩී ජයමාන්න යන දෙදෙනා ප්‍රථමයෙන් රට තුල ප්‍රසිද්ධිය ලැබගෙන පසුවූහ. ඔවුහු මිණේවා නාට්‍ය කණ්ඩායමේ (Minerva group) සාමාජිකයින් වශයෙන් එක්තරා ප්‍රසිද්ධියක් ලබා සිටියහ. එය චිත්‍රපට වලට අවතීර්න වීමටද සාධක විය. ඔවුහු 1950 සහ 1960 දශක තුල චිත්‍රපට වල රඟපෑමේ නියුතුව සිටියහ.
විජය කුමාරතුංග
1960දී ගාමිණී ෆොන්සේකා ඓතිහාසික චිත්‍රපටයක්වූ සන්දේශය චිත්‍රපටයෙන් ඉදිරියට එන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ආනන්ද ජයරත්න වුවද, ගාමිණී ෆොන්සේකා ඔහුව අභිබවා, ඔහුගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉදිරියට එන ලදී. ෆොන්සේකා ඔහුගේ ඊ ලඟ චිත්‍රපටය වූ රන්මුතු දූවෙන් ප්‍රසිද්ධ නිළි ජීවරාණී කුරුකුලසූරිය සමගින් ඔහුගේ දක්ෂම රඟපෑම ඉදිරිපත් කරන ලදී. ගාමිණී ෆොන්සේකාගේ වෙනත් ප්‍රධාන චිත්‍රපට වූයේ, ධීවරයෝ, අදට වැඩිය හෙට හොඳයි සහ චන්ඩියායි.
1969දී විජය කුමාරතුංග, හන්තානෙ කථාවේ ප්‍රධාන නළුවා ලෙස තරුවක් බවට පත්විය. ඊ ලඟ දශකය තුල , ෆොන්සේකා ලඟට ඉතාමත් ජනප්‍රිය නළුවා වූයේ ඔහුයි. බොලිවුඩ් වානිජ චිත්‍රපටවල ආභාශය ලද චිත්‍රපට වලට අමතරව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ලමයෙක් හා ගඟ අද්දර වැනි කලාත්මක චිත්‍රපට වලද ඔහු රඟපෑවේය. 1989දී ඔහුගේ හදිස්සි මරණය හේතුවෙන් ප්‍රසිද්ධ සිනමාව කෙරෙහි විශාල බලපෑමක් ඇතිවිය.
මහගම සේකර

මහගම සේකර නමැති කලාකරුවා තුළ තවත් කලාකරුවන් ගණනාවක්ම ජීවත් වූයේ යැයි කිය හැකි ය. ඒ කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ චිත්‍රපට අධ්යක්ෂවරයකු යනාදී වශයෙනි.
එසේ ම හෙතෙම චිත්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවට ය. (දිවයින 2007 ජනවාරි 11) කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි.
[සංස්කරණය] ළමා කාලය
මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අපේර්ල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.
හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත්‍ර සම්බන්ධයෙන් ගම් ප්‍රදේශයේ ඉතා ප්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප්රබුද්ධ’ කාව්‍ය සංග්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.
තුංමං හංදිය
මහගම සේකර ලියූ ‘තුංමං හංදිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේ ම චරිතයට බෙහෙවින් සමාන ය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුං මං හංදිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි.
එක් පාරක් ආපහු ගෙදර යන පාර ය. අනෙක් පාරෙන් ගියොත් ගම්පහ ලෝරන්ස් විදුහලට ගොස් ඉංග්‍රීසි ඉගෙන ගත හැකි ය. තුන් වැනි පාර දිගේ යන්නට ඇත්තේ කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ය. (තුංමංහංදිය සිවු වැනි මුද්‍රණය 1984 පිටුව 140 – 141) මේ ආකාරයට ම මහගමසේකරට තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් එළැඹිණි. ඔහු ද සිරිසේන මෙන් කොළඹට විත් මරදාන කාර්මික විද්‍යාලයයට බැඳී චිත්‍ර කලාව ඉගෙනීමට පටන් ගත්තේ ය. ඒ 1948 දී ය.
ලෙස්ටර් ජේම්ස් පීරිස්
1950 දශකයේ ආසියානු රටවල් 3ක සිනමා කරුවන් තිිදෙනෙක් ආසියාවට ද සිනමාවක් ඇති බව බටහිර ලෝකයට පෙන්වීය.ඒ ජපානයේ අකිර කුරසාවා ‘‘රෂෝමෝන්’’චිත්‍රපටය ද,ඉන්දියාවේ සත්‍යජිත් රායි ‘‘පාතර් පංචාලි ’’චිත්‍රපටය ද ශ්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘‘රේඛාව ‘‘ චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරමිනි.
දේශීය සිනමාවේ ස්වර්ණමය පදනම වූයේ 1956 වසරේ තිරගත වූ රේඛාව චිත්‍රපටයයි.එම ස්වර්ණමය ‘‘රේඛාවේ ’’හිමිකරුවා අන් කවරෙකුත් නොව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්ය.
ඹහු 1919 අපේ‍්‍රල් 05 වැනි දා දෙහිවල දී උපත ලැබීය.ඹහුගේ පියා වූයේ වෛi ජෙම්ස් ප්‍රැන්සිස් පීරිස්ය.ඹහු ස්කොට්ලන්තයේ වෛi විද්‍යාව පිළිබ`ද අධ්‍යාපනය ලැබූවෙකි.මව ඈන් ගම්රූඞ් විනිෆඞ් ජයසූරිය වන අතර ඇය ඉගෙනුම ලැබුවේ කොළඹ ශාන්ත බි්රජට් කන්‍යාරාමයෙනි.ඇය පාසලේ සීනියර් කේම්බි්රජ් විභාගය සමත් වූ ප්‍රථම සිසුවිය ලෙස වාර්තා ගත විය.ලෙස්ටර්ට එරිකා ,අයිවන් සහ නොයෙල් නමින් සහෝදර සහෝදරියන් ද විය.
ලෙස්ටර් උපත ලැබුවේ රෝමානු කතෝලික මධ්‍යම පාංතික පවුලකය.නිවසේ කතා කළ එකම භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි.එහෙත් ලෙස්ටර්ගේ මිත්තණිය කතා කළේ සිංහල භාෂාවෙනි.ඇය දේශීයත්වය අගය කළ අයෙක් වූ අතර ලෙස්ටර් ඇය සම`ග පමණක් සිංහලෙන් කතා කළේය. 1930 දී ලෙස්ටර්ගේ පියා විසින් ලෙස්ටර්ට මිලිමීටර් 8 ක ප්‍රමාණයේ කොඩැස්කෝ ප්රෙජෙක්ටරයක් තෑගි දෙන ලදී. එම ප්රෙජෙක්ටරයෙන් චාලි චැප්ලින් ගේ නිහ`ඩ චිත්‍රපට නැරඹීමට ඔහුට හැකි විය. මේ කාලයේ දී ලෙස්ටර්ගේ සහෝදරයා වූ අයිවන් හා ලෙස්ටර් දිනපතා කොටස් වශයෙන් විකාශනය වන විදේශීය චිත්‍රපට නාරඹීමට ද පෙළඹී තිබේ. ලෙස්ටර් කිසිදු දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වී නොමැත. ඔහුට ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වීමට ද කිසිදු අදහසක් තිබී නොමැත. එමෙන්ම එකල ලංකාවේ ජාතික චිත්‍රපට කර්මාන්තයක් ද තිබී නැත.
ලෙස්ටර් අධ්‍යාපනය ලැබිවේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙනි. ඔහුගේ ප්‍රියතම විෂය වූයේ ඉංග්‍රීසි විෂයයි. කෙසේ වෙතත් අවුරුදු 17 දී ඔහු ජනමාධ්‍යවේදියෙක් ලෙස තම ගමන ආරම්භ කළේය. එලෙසින් ඔහු ලේඛන කලාවට පිවිසුණි. ප්‍රථමයෙන්ම ‘‘ඬේලිනිවුස්’’ පුවත්පතට කලාව පිළිබ`ද අතිරේකයක් සංස්කරණය කළ අතර එය සෙසු තරුණ ලේඛකයන්ට කදිම තෝතැන්නක්ම විය. මේ අතර ඇල්ප්රඞ් ද සිල්වා, මර්ව්න් ද සිල්වා, ජේ.බී ද අල්විස්, පර්සි විට්ටච්චි හා හැරිසන් පීරිස් ප්‍රධාන විය.
1939 දී ලෙස්ටර් ‘ද ටයිම්ස් ඔෆ් සිලෝන් ’ පුවත්පතට ලිවීමට පටන් ගත්තේය. එකල එම පුවත්පතේ සංස්කාරකවරයා වූයේ ඉන්දීය ජාතික ප්රෑන්ක් මොරායස් ය. ඔහු ‘ද ටයිම්ස් ඔෆ් සිලෝන් ’ පුවත්පතේ සේවය කරන ලද ඉංගී්රසි ජාතිකයකු නොවන ප්‍රථම සංස්කාරකවරයා විය. මොරායස්ට ලෙස්ටර්ගේ ලිවීම් සහ ඔහුගේ විශිෂ්ටත්වය කැපී පෙනුණු අතර ඔහු ඒ පිළිබ`දව ඉතාම ප්රසාදායන් පසු විය.
පසුව ලෙස්ටර් ‘රේඩියෝ සිලෝන්‘ හි ද රැුකියාවක ද නිරත විය. මේ කාලය තුළ ඔහු නාට්‍ය කවයකට ද සමිබන්ධ විය. සාලි පරාක්‍රම, සීතා ජයවර්ධන, ඔස්මන්ඞ් ජයරත්න හා ආනන්ද තිස්ස ද අල්විස් වැන්නවුන් එම කණ්ඩායමේ සාමාජිකයන් විය. ලෙස්ටර්ගේ සහෝදරයා වූ අයිවන් ද විශිෂ්ට කලා හැකියාවන්ගෙන් හෙබි පුද්ගලයෙකි. ඔහු කලාව පිළිබ`ද වැඩිදුර අධ්‍යාපනය ස`දහා එංගලන්තයට ගොස් සිටිය්ය. 1947 දී ලෙස්ටර් ද එංගලන්තයට යන්නේ කලාව හැදෑරීම ස`දහා ය. එහි සිටින අතරතුර එංගලන්තයේ ටයිම්ස් පුවත්පතේ පළ වූ කලා ලිපි ආශ්රයෙන් මෙරට පුවත්පතකට තීරු ලිපියක් ලියන ලෙෂ මාරායස් ඔහුට ආරාධනා කළේය.
1952 දී නැවතත් ලංකාවට පැමිණි ලෙස්ටර්,ඊට වසර 3කට පසුව රජයේ චිත්‍රපට අංශයේ සිටි කැමරාකරුවෙකු වූ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සම`ග එක් ව වෘතාන්ත චිත්‍රපටයක් කිරීමට අදහස් කළේය. ඒ අනුව ගැමි තේමාවක් වස්තු විශය කොට ගත් සිංහල සිනමාවේ සංසිද්ධියක් ඇති කළ ‘රේඛාව’ චිත්‍රපටය බිහි විය. මෙසේ 1956 වසරේ දී රේඛාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ලෙස්ටර් තම සිනමා දිවිය ආරම්භ කළේය. ලාංකීය සිනමාවේ විප්ලවයක් ඇති කළ ඔහු අතින් තවත් විශිෂ්ට සිනමා කෘති රැුසක් බිහි විය. එම චිත්‍රපටය ස`දහා සම්මාන ද හිමි විය. ඔහු කළ චිත්‍රපට අතුරින්,
චිත්‍රපට
1964............. ගම්පෙරළිය
1966............. දෙලොවක් අතර
1968............. ගොළු හදවත
1970............. නිධානය හා
1983............. යුගාන්තය
සුළු චිත්‍රපට
1956............. රේඛාව
1960............. සංදේශය
1964............. ගම්පෙරළිය
1966............. දෙලොවක් අතර
1967............. රන්සළු
1968............. ගොළු හදවත
1969............. අක්කර පහ
1970............. නිධානය
1972............. දෑස නිසා
1976............. මඩොල් දූව
1978............. අහසින් පොළවට
1979............. පිං හාමි
1979............. වීර පුරන් අප්පු
1980............. බැද්දේගම
1982............. කලියුගය
1983............. යුගාන්තය
1995............. අවරගිර
2002............. වෑකන්ද වලව්ව
2007............. අම්මාවරුනේ
කෙටි චිත්‍රපට
1950.............ත්්රුඇකක එද ජයසකායදදා
1950.............් ීසබය්කැිැ ා්බජැ
1951.............ීදකසකදුමහ
1954.............ක්දබුමැිඑ සබ එයැ ාරහ ‘දබැ
1955.............ඊැ ි්ෙැ දර ඉැ ිදරරහ
* මේ සියල්ල කළු සුදු චිත්‍රපට වේ.*
ඔහු ලද සම්මාන
1981 බැද්දේගම ප්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
1981 බැද්දේගම ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
1982 කලියුගය ප්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
යුගාන්තය ජනාධිපති සම්මානය - හො`දම අධ්‍යක්ෂණය
1985 යුගාන්තය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
පිං හාමි මොස්කව් ළමා චිත්‍රපට උළෙල නියෝජනය හා ප්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
පිං හාමි ිඡුඍ්ඪෘ්’ විශේෂ සම්මානය
1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ* සම්මානය
2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව ස`දහා දැක් වූ දායකත්වය වෙනුවෙන්
2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය
2003 ත්ැකකසබස ටදකට පැා්ක- :ඹභෑීඣ විශිෂ්ට* ප්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල
* 1964 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සුමිත්‍රා ගුණවර්ධන සම`ග ඵීවාහ වූ අතර ඇය ද චිත්‍රපට අධ්යක්ෂකවරියකි. ලෙස්ටර්, කියවීම, සවන්දීම, සංගීතය හා චිත්‍රපට නැරඹීම අගය කරන්නෙකි. මීට අමතරව සම්භාව්‍ය මෙන්ම ක්‍රියාදාම චිත්‍රපටවලට ද, රැුප් සංගීතයට ද ඔහු ඇල්මක් දක්වයි. බොලිවුඞ් සිනමාව පිළිබ`දව ද ඔහුට ඇත්තේ මනා දැක්මකි.
* 2002 අපේ‍්‍රල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කරන ලදී. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය පදවියක් ද ඔහුට පිරිනමනු ලැබීය.
* දේශීය සිනමාවේ අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කළ 2007 වසරේ තිරගත වූ අම්මාවරුනේ චිත්‍රපටය ඔහු විසින් නිර්මිත අවසන් චිත්‍රපටය වනු ඇතැයි දැනට 88 වන වියෙහි පසුවන ඔහුගේ අදහසයි.
ජෝ අබේවික්‍රම

උපත - 1933 ජුනි 13
ශ්‍රී ලංකාවේ ලෙලෝ පිටිය ප්‍රදේශය
ගාමිණි පටබැඳිගේ දොන් ජෝන් “ජෝ” අබේවික්‍රම (1933 ජුනි 13 උපත ලදී) ශ්‍රී ලාංකික නළුවෙක් වේ. 1957 වසරෙහි ඔහු රංගනය ආරම්භ කළ අතර විකටාංග නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. නමුත් 1965 වසරේ පටන් ඔහු නාට්‍යාකාර චරිත වලටද පණ පෙවීම ආරම්භ කළේය.
ඔහු සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ. පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ පුරහඳ කළුවර චිත්‍රපටයේ ඔහු රඟ පෑ ශෝකයටපත් පියාගේ චරිතය වෙනුවෙනි.
මුල්කාලීන ජීවිතය
අභය වික්‍රම රත්නපුර ප්‍රදේශයට ආසන්න ලෙලෝපිටිය ප්‍රදේශයේ උපත ලද අතර ගැමි පරිසරයක හැදී වැඩුණු පුද්ගලයෙකි. ඔහු ළමුන් 4 දෙනෙක්ගෙන් වැඩිමලා විය. ඔහුගේ කුඩා කළ වටපිටාව හේතුවෙන් ඔහු තුළ මහන්සි වී වැඩ කිරීම සහ පරිසරය පිළිබඳ ප්‍රසංශාත්මක චින්තනයක් වර්ධනය විය.
අභය වික්‍රම රන්තපුර සීවලි මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටවීම. 1940 වසරේදී ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි වූ අතර සිරිසේන විමළවීරගේ නව ජීවන නම් චිත්රාගාරයෙහි සේවය කිරීම ආරම්භ කළේය. ආරම්භක අවධියේදී ඔහු කාර්යාල කටයුතු ඉටුකරන්නෙකු ලෙස ක්‍රියාකල නමුත් අවසානයේදී චිත්‍රාගාරය මගින් රත්නපුර ප්‍රදේශයේදී පටිගත කළ චිත්‍රපට හා සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමිවිය. චිත්‍රාගාරය වෙනුවෙන් සේවය කරන අතරතුර ඔහු චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් හා ඇදුණුම්කම් ඇති කර ගත් අතර චිත්‍රාගාරය හැරයාමේදී දේවසුන්දරී චිත්රපටයෙහි චරිතයක් ලබාගැනීමට ඔහු සමත්විය.
සම්මාන ලාභී නළු නිළියන්



* ජෝ අබේවික්‍රම
* ගාමිණී ෆොන්සේකා
* මාලිනී ෆොන්සේකා
* රුක්මණී දේවී
* අයිරාංගනී සේරසිංහ
* ඩී.ආර්. නානායක්කාර
* විජය කුමාරණතුංග
* අනෝජා වීරසිංහ
* හෙන්රි ජයසේන
* නීටා ප්‍රනාන්දු
* වසන්ති චතුරානි
* ස්වර්ණා මල්ලවආරච්චි
* දෙනවක හාමිනේ
* රවින්ද්‍ර රන්දෙනිය
* සනත් ගුනතිලක
* ධම්ම ජාගොඩ
* ශ්‍රියානි අමරසේන
* ශ්‍රියන්ත මෙන්ඩිස්
* කමල් අද්දර ආරච්චි
* ජැක්සන් ඇන්තනි
* සරලා කාරියවසම්
* සෞම්ය්ය ලියනගේ
* කෞශල්‍ය ප්‍රනාන්දු
* මහේන්ද්‍ර පෙරේරා
චිත්‍රපට ඉතිහාසය
චිත්‍රපට ඉතිහාසය, 19 වන සියවසේ අග භාගයේ සිට 21 වන සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කළාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙස වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් ඇති විය. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයරයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද දෙවන පරීක්ෂණාත්මක චිත්‍රපටය වන “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” (Roundhay Garden Scene,) දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමාණේක්ෂ කැමරා 12ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කළේය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11වන දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම අඟල් 21ක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක දී ඡායාරූප ගන්නා ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොළොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. එම දේශන මාලාව ප්‍රදර්ශනයේ “Midway Plaisance" ශාඛාවේ ඒ සඳහාම ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කරමින්, ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිතා ඔහුගේ චලන චිත්රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශනය කළේය.
රූප පේළියක් අඩංගු ප්‍රායෝගික ආකාරයක සෙලියුලොයිඩ් පටියක් නිර්මාණය කිරීමේ ගෞරවය, එඩ්සන් රසායනාගාරයන්හි ප්‍රධාන ඉංජිනේරු, විලියම් කෙනඩි ලෝරි ඩික්සන් මහතාට හිමිවේ. මෙය චලන රූප කැමරාගත කිරීමේ සිහින්ව කපා ඉන්පසු රත් වූ පීඩන තහඩු මඟින් ඉවත් කෙරෙනු ලැබේ. ඉන් අනතුරුව ඒවා ඡායා සංවේදී ජෙලටීන් දිස්නමය ආලේපයකින් වසනු ලැබේ. 1893 දී චිකාගෝ ලෝක සැණකෙලියේ දී තෝමස් එඩිසන් විසින් මහජනාතාවට මෙම අලුත් නිමැවුම මත පදනම් වූ ප්‍රධාන නිමැවුම් 2ක් හඳුන්වා දුන්නෝය; එනම් ප්‍රථම ප්‍රායෝික චලන රූප කැමරාව වන “Kinetoscope” වේ. මෙහි පසුව සඳහන් කළ උපකරණය මඟින් චිත්‍රපටයේ සෙලියුලොයිඩ් අඛණ්ඩ ඡායාරූප තාපදීප්ත ලාම්පුවක් මඟින් පිටුපසෙහි ආලෝකමත් වූ අතර (මෙයට විදුලි මෝටරයක් මඟින් ශක්තිය සපයන ලදී) එය කුඩාදේ විශාල කර බලන කාචයකින් දර්ශනය විය. නරඹන්නා විසින් උපනෙතක් තුළින් රූපය නරඹන ලදී. මෙම “Kinetoscope” හි ඇතුළත, ඩික්සන් විසින් එඩිසන්ගේ “Black Maria" චිත්‍රාගාරයේ දී ඡායාරූපගත කරන ලද අඩි 50 චිත්‍රපට කොටස්වලින් සමන්විත විය. මෙමඟින් සාමාන්‍ය රසවත් නොවන සිදුවීම් (1894 දී “ෆ්‍රෙඩ් ඔට්ගේ කිවිසුම” වැනි) මෙන්ම කරනම් වැනි විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියා, සංගීත ශාලා රැගුම් දක්වන්නන් සහ බොක්සිං නිරූපන ආදිය පටිගත කරනු ලැබුණි. “Kinetoscope” සාර්ථක ලෙස යුරෝපය කරා පැතිරිණි. කෙසේ නමුත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ පෙර පරීක්ෂණ සහ නව නිමැවුම් පිළිබඳ බොහෝ විශ්වාසය තබා සිටි බැවින්, එඩිසන් කිසිම දිනක අත්ලාන්තික්හි අනෙක් පැත්තට මෙම උපකරණවල පේටන්ට් බලය ලබා දුන්නේ නැත. මෙය බ්‍රිතාන්‍ය විදුලි ශිල්පී සහ විද්‍යාත්මක උපකරණ නිපැයුම්කරුවකු වන රොබට් ඩබ්. පෝල් සහ ඔහුගේ සහායක බර්ට් ඒකර්ස් විසින් අලුතින් නිපදවන ලද කැමරාව වැනි අනුකරණයන් සඳහා තුඩු දුන්නේය.
පෝල්ගේ අදහස වූයේ චලන චිත්රයන් තනි නරඹන්නන්ට වඩා ප්‍රේක්ෂක කණ්ඩායම්වලට ප්‍රදර්ශනය කිරීමයි. එබැවින් ඔහු චිත්‍රපට ප්‍රක්ෂේපකයක් නිපද වූ අතර, 1895 දී එහි ප්‍රථම මහජන ප්‍රදර්ශනය පැවැත්විය. මෙම වකවානුවේ දීම, ප්‍රංශයේ Auguste සහ Louis Lumière විසින්, කැමරාව, මුද්‍රණ යන්ත්‍රය සහ ප්රක්ෂේපකය යන 3ම එකම අඩංගු අතේ ගෙන යා හැකි උපකරණයක් වන “cinematograph” නිර්මාණය කළේය. 1895 අගභාගයේ පැරීසි නගරයේ Antoine Lumière පියතුමා විසින් මහජනයාගෙන් මුදල් අය කරමින් ප්‍රක්ෂේපිත චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළේය. මෙමඟින් ප්රක්ෂේපනය සඳහා අවශ්‍ය මාධ්‍යය පිළිබඳ සංවාදයක් ආරම්භ විය. (1990 ,කුක්) “Workers Leaving the Lumière Factory” සහ “The Sprinkler Sprinkled” වැනි හාස්‍යජනක නාට්‍ය (1895) සමඟ ඔවුන් ඉතා ඉක්මනින් යුරෝපියෝ ප්‍රධාන නිෂ්පාදයන් බවට පත්විය. ආරම්භයේ දී ප්රක්ෂේපනය හෙලා දකිනු ලැබු එඩිසන් ද, මාස 6කට අඩු කාලයක දී “Vitascope” සමඟ මෙම රැල්ලට එකතු විය. යුරෝපයේ ප්‍රථම චලන රූප චිත්‍රපට හිමිකාරීත්වය ප්‍රදර්ශනය බර්ලින්හි මැක්ස් සහ එමිල් ස්ක්ලැඩනොවුස්කි සතු වන අතර ඔවුන් එය 1895 නොවැම්බර් 1 වන දින සිට 31 දින දක්වා "Bioscop" නැමැති චංචලන රහිත ද්විත්ව නිර්මාණ උපකරණය මඟින් ප්රක්ෂේපණය කළහ. එම වර්ෂයේදීම මැයි මාසයේ දී ඇමරිකාවේ ඉවුජීන් ඔග්ස්ටින් ලෝස්ටේ විසින් Latham පවුල වෙනුවෙන් ඔහුගේ Eidoloscope උපකරණය නිර්මාණය කළේය. නමුත් ප්‍රථම මහජන චිත්‍රපට පෙර දැක්වීම කරනු ලැබුවේ ජීන් අයිමේ “ඇක්මේ” ලි රොයි නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා විසිනි. ඔහු විසින් ඔහුගේ 40 වැනි උපන්දිනයේ දී තිබූ 1894 පෙබරවාරි 5 වන දින ඔහුගේ “ආශ්චර්යමත් සිනමා රූප” නිව්යෝර්ක් නඟරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට ප්‍රදර්ශනය කළේය. එකල චිත්‍රපට බොහොමයක් තාවකාලික වෙළඳසැල් ඉදිරිපිට අවකාශයෙහි සහ සංචාරක ප්‍රදර්ශකයන් හෝ විවිධ ප්‍රසංග වැඩසටහන් ආදිය හරහා දක්නට ලැබුණි.
එක් චිත්‍රපටයක් මිනිත්තු එකක කාල සීමාවකට යටත් වූ අතර සාමාන්‍යයෙන් එක් ජවනිකාවක් ප්‍රදර්ශනය කෙරුණි. ඊට තාත්වික හෝ වේදිකාමය, එදිනෙදා ජීවිතය පිළිබඳ මහජන ක්‍රියාකාරකම් ක්‍රීඩා අංගයක්හෝ විනෝදජනක නාට්‍යයක් ඇතුළත් විය. මෙය තුළ සිනමා රූපී තාක්ෂණික ක්‍රම ඉතා අල්ප හෝ නැති තරම් විය. එමෙන්ම ඒවායෙහි සංස්කරණයක් නොමැති වූ අතර සාමාන්‍යයෙන් කැමරා චලන ද නොමැති නීරස නාට්‍යමය රචනා විය. නමුත් නවීන තාත්විකමය චලන ඡායාරූප, සියවස අවසාන වීමට පෙර ලෝකය පුරා රටවල චිත්‍රපට කර්මාන්තය වේගයෙන් පැතිර යාමට ප්‍රමාණවත් විය
චිත්‍රපට ඉතිහාසය - 1900
නිහඩ යුගයේ චිත්‍රපට වල විශ්මය ජනක අනුපිළිවෙල; 1923දී Harold Lloyd සමඟ Safety Last!, 1925 දී The Gold Rush Charlie Chaplin. නමුත් වර්තමානයෙහි පවා හොලිවුඩ් විනෝදාශ්වාදයන්හි මුඛ්‍යධාරාවන්ගේ ප්‍රමුඛතාවය එහි තිබිය යුතු තරමටම ශක්තිමත් නොවේ. එසේම විකල්පයන් පුළුල් ලෙස දැකගත හැකි වූ අතර ඒවා බොහෝ වැදගත් විය.
Zxcv.JPG
1915දී ප්‍රංශයේදී විදේශ ආනයනකයින්ට වූ තහනම අවසන් වීමෙන් පසු මුල් කාලීන හොලිවුඩ් ගාස්තූන් සිනමා සාහිත්‍ය ක්ෂේත්රයේ පුරෝගාමීන්ගේ පිඹිදීමට පෙළඹවීමක් සිදුකරන ලදී. ඇතැම් සිනමා නිෂ්පාදක කණ්ඩායම් ප්‍රකාශාත්මක හා චිත්‍රාත්මක බලපෑම් මෙන්ම රිද්මයානුකූල සංස්කරණයන් සමඟින් පර්යේෂණ සිදු කිරීම ආරම්භ කෙරිනි. මෙම නව රැල්ල ප්‍රංශ ස්වරය ප්‍රතිපාදක සිනමාව (French Impressionist Cinema) ලෙස හැදින්විය හැක.
ජර්මනිය ඇමරිකාවේ බලවත්ම තරඟකරු විය. එහි ඉතා වැදගත් දායකත්වය වූයේ ජර්මානුප්රකාශන වාදයේ අඳුරු මායාකාරී ලෝකයයි. එසේම එය මනසින් දකින අභ්‍යන්තර තත්වයන් දැමීමට යථාර්ත විරෝධී ගෙනහැරපෑම්හි බලය මඟින් වඩා උසස් බවට පත්කරයි. එමෙන්ම එය රාස්‍ය ජනක ප්රභේදයන් හෙලිදරව් වීමට වඩාත් ශක්තිමත් බලපෑමක් සිදුකරනු ලබයි.
අලුතින් ඇතිවූ සෝවියට් සිනමාව රැඩිකල්වාදී ලෙස නව නිර්මාණාත්මක විය. මෙහිදී පෙර පැවතියාට කාර්යභාරයට වඩා කථාව උසස් කිරීම කෙරෙහි සංස්කරණ කලාව සැඩපහරක් සේ වේගවත්ව ඉදිරියට යන්නට විය. ඊනියා, තාර්කික හා බුද්ධිමය සමෝධානය වූ තාක්ෂණය Sergei Eisenstein පූර්ණත්වය පත් කෙරිනි. එම තාර්කික හා බුද්ධිමය සමෝධානය වූ තාක්ෂණය බොහෝවිට බලන්නාගේ සාහසික ගැටුම්, රූපන පිළිබිඹු වන අදහස්, ඇවිස්සුනු හැගීම් හා බුද්ධිමය ප්‍රතිචාර ඒකජ නොවන ආකාරයට සැසදීමට යන්ත දැරීය.
මේ අතරතුර ඉන්දියානු සිනමාවේ පියා ලෙස සැලකෙන Badasaheb Phalke විසින් ඉන්දියාවේදී ප්‍රථම දීර්ඝ වෘතාන්ත්‍ර නිහඩ චිත්‍රපට තැනීය. එම චිත්‍රපටය 1913දී Period Piece රාජා හරිස්චන්ද්‍ර විය. එසේම එය කාල චිත්රපටවලිය සඳහා පදනම් දමනු ලැබීය. ඊලඟ දශකය තුලදී ඉන්දියානු සිනමාවේ වාර්ශික නිමැවුම් සාමාන්‍ය චිත්‍රපට 27ක් විය.
බොහෝ රටවල සංස්කෘතික පෙරටුගාමී පරපුර, කෙටිවූ, සම්පූර්ණයෙන් තනිවූ ඒකීය කතාන්දර, ශුද්ධ සෞන්දර්ය වාදී වූ හා උප වින්‍යානිකව අවිචාරී වූ පර්යේෂණාත්මක චිත්‍රපට සමඟ එක්ව වැඩ කරන්නට විය. මෙය ස්පාඤ්ඤ කාලසාම්ප්රදායික Luis Bunuel ගේ වැඩවල වඩා ප්‍රසිද්ධ විය. කෙසේ හෝ මෙම දශකය තුල චිත්‍රපටයේ මුඛ්‍ය ධාරාව දරුණු ලෙස බෙදිමට ලක්වීම සනිටුහන් කරමින් ජනප්‍රිය හා කලාත්මක චිත්‍රපට ලෙස වර්ගීකරණය විය.
නමුත් මඛ්යධාරාව තුලදී පවා ශිෂ්ඨත්වය වඩා වේගවත් විය. එය නිහඩ චිත්‍රපටයක් පවා සෞන්දර්යාත්මකව ඉහල තලයකට ගෙන ඒමට හැකි විය. සිනමා ශිල්පයේ පැවතීම කැමරා වඩාත් පහසුවෙන් ගෙනයාහැකි ලෙස වේගවත්ව පරිවර්තනය විය. එසේම චිත්‍රපට තොග බොහෝ සංවේදී හා හුරුබුහුටි බවට පත්විය. තිරරංගනය එහි පළමුව පැවති අස්වාභාවික අතිශෝක්තිය තොරවූ කලාවක් බවට පත්විය. එසේම මනෝමය තේරුම්ගැනීමක් හා විශිෂ්ඨ විතක්ෂණභාවයක් ලඟාකර ගැනීමට හැකිවිය. දුෂ්‍ය වාග්චාතුර්ය වඩා වර්ධනය වීමක් ලෙස අභ්‍යන්තර මාතෘකා (Intertiles) පිළිබඳ පැවති විශ්වාසය අඩු විය. කලාතුරකින් 1926දී ජර්මනියේ F.W. Murnau ගේ The Last Laugh වැනි චිත්‍රපට වල මෙය වැලකිනි. තේරුම්ගැනීමට දුෂ්කර ලෙස මෙම කාලයේදී නිහඩ චිත්‍රපට යුගය අවසාන විය.
Wednesday, June 23, 2010
Subscribe to:
Posts (Atom)